Colombo Today Local News

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

gnanasara_thero_ranil

එජාපයට සම්බන්ධ භික්ෂු පෙරමුණක භික්ෂුන් වහන්සේලා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්චාවක් ඊයේ (2) පවත්වා ඇත.

මෙහිදී අත්අඩංගුවේ පසුවන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිලිබදවද සාකච්ඡාවට ලක්ව ඇති අතර ජාතික ප්‍රශ්නවලදී ප්‍රමුඛත්වය ගෙන පෙනීසිටි සහ ජනප්‍රිය භික්ෂුවක් වන ඥානසාර හිමියන් සිරගත කිරීම නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වී ඇති බවත් ඤාණසාර හිමියන්ට විරුද්ධව ඉහළින්ම ලැබුණු නියෝග පරිදි පොලිසිය විසින් සිදුකිරීමට සුදානම් වන, හෝමාගම සිදුවීමට අදාල නොවන ක්‍රියාකාරකම් ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට අවාසිදායක අන්දමින් බලපානු ඇති බවත් පවසා ඇත.

මෙහිදී අගමැතිවරයා තමාගේ මව අසනීපව අසාධ්‍ය තත්වයේ සිටින අවස්ථාවේදී ඥානසාර හිමි නිවසට වැඩමකර පිරිත් දේශනා කළ බව සිහිපත් කර ඇත. සාකච්ඡාව අවසානයේදී භික්ෂු පෙරමුණට සම්බන්ද භික්ෂුන් වහන්සේලා මෙහෙම ගියොත් අගමැතිවරයාගේ මවත් මෙතුමාට සාප කරයි යනුවෙන් කතිකා කල බව colombotoday.com වෙත කරුණු වාර්තා කළ බික්ෂුන් වහන්සේ සදහන් කළා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවැත්වූ සුමියුරු බුද්ධානුස්සති කාව්‍ය ධර්ම දේශනයක් ….

[mom_video type=”youtube” id=”y900XD3tPS4″]

Related posts

මැතිවරණය පැවැත්වීම නැවත්වීමට දැඩි උත්සහයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 8 ක්

colombotoday

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday

ඇමති රාජිත තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න රජයේ මුදල් කෝටි 10ක් අවභාවිතා කරලා (Video)

colombotoday

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday