Colombo Today Local NewsWorld

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

Zika නම්වූ වයිරසයක් සීග්‍රයෙන් ලොවපුරා පැතිර යමින් පවතිනවා. ලෝකයේ සියලුම රටවලට මෙම වෛරසය පැතිර යනු ඇති බවට මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවමින් දැනුම්දී තිබෙනවා. මදුරු විශේෂයක් මගින් ආරම්බ වී ඇති මෙම වෛරසය උතුරු සහ දකුණු ඇමරිකානු රටවල්, යුරෝපා රටවල් සහ ඕස්ට්‍රේලියාවෙන් රෝගීන් වාර්තාවී තිබෙනවා. රෝගීන් හදුනාගැනීම සදහා ගුවන් තොටුපලවල  විශේෂ සෞක්‍ය වැඩසටහන් මේ වනවිටත් බොහෝ රටවල ආරම්බ කර අවසන්.

මේ අතර සීකා වෛරසය රට තුළට ඒම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපල සූදානම් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. වෛද්‍ය පාලිත මහීපාල මහතා මේබව ප්‍රකාශ කළේ, ඊයේ (2දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීකා රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, ඒ නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයද ඊට සූදානම් කර තිබෙන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

Related posts

ජනපති අද කඩුව වනයි.. එජාපය සියළු ආසන සංවිධායකවරුන් කොළඹට කැදවයි..!

colombotoday

ශ්‍රීපාදස්ථානය සිංහල පාලන ප්‍රදේශයෙන් ඉවත්කිරීමට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday