ArticlesColombo Today Local NewsHot News

යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ දෙබිඩි පිළිවෙත

UN Double Game

බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ යුද අපරාධ සිදු කිරීම ගැන ඇමරිකාවේ නඩු ඇසුවේ නැත. එහෙත් බටහිර රටවල් අද ක්‍රියාකරන්නේ ලෝක පොලිස්‌කාරයා ලෙසය.

ඇමරිකාවේ සික්‌ ජාතිකයන් පිරිසක්‌ කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධිට එරෙහිව ඇමරිකාවේදී නඩුවක්‌ ගොනු කරමින් සෝනියා ඇමරිකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටියේය. බුරුන්ඩි රාජ්‍යයේ යුද අපරාධ සිදු වූ බව කියමින් ඉදිරිපත් වු පෙත්සමක්‌ නිසා බුරුන්ඩි බුද්ධි ප්‍රධානියා ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ බිරිය චෙරි බ්ලෙයාර්ය.

බුරුන්ඩි හමුදා ප්‍රධානියා බ්‍රිතාන්‍යය තුළ වරදක්‌ කර නැතැයි ඇය කියා සිටියාය. මේ පසුබිම මැද කොසවෝ විමුක්‌ති පෙරමුණ යුද අපරාධ සිදු කරන ලද බවට එල්ල වූ චෝදනා ගැන විමර්ශනයක්‌ පැවැත්වෙන්නේ නෙදර්ලන්තයේ හේග් නුවර යෑයි වාර්තා විය.

එසේම නැගෙනහිර කොටි හමුදා නායකයකුව සිටි රමේශ්ගේ බිරිය වත්සලාදේවි දකුණු අප්‍රිකාවේ සිට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නඩු පැවරුවේ ඇමරිකාවේයි. ලයිබිරියාවේ හිටපු ජනාධිපතිවරයා යුද අපරාධ සිදු කරන ලද බවට ජාත්‍යන්තර අධිකරණය මගින් වරදකරු කර ඔහුව වසර 50 කට සිරගෙට යෑවීය. චාල්ස්‌ ටේලර් නැමැති මෙම හිටපු ජනාධිපතිවරයා දැන් බ්‍රිතාන්‍යයේ සිරදඬුවම් විඳියි.

මේ අතර ලෝඩ් රෙසිස්‌ටන්ස්‌ ආමි නැමැති ගරිල්ලා සංවිධානයේ නායකයාටද කුර්දි පේශ්මාර් සංවිධානයට හා අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයටද යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. එහෙත් ඇµaගනිස්‌ථානයේ කුන්දුස්‌ රෝහලට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්‌වා ඇමරිකාවට චෝදනා එල්ල වී නැත. පලස්‌තීනයේ සිදු වූ යුද අපරාධ ගැන එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ට වාර්තාවේ දක්‌වා ඇතත් ඊශ්‍රායලය ඉන් සැලුනේ නැත. ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කළ අපේ කිසිදු හමුදා භටයකුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට ඉඩ නොදෙන බව රිශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේය. 2002 දී ඇමරිකානු හමුදා සෙබළුන් බේරා ගැනීම සඳහා ඇමරිකානු රජය ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක්‌ අත්සන් කළේය. 2002 නොවැම්බර් මස මෙරට සිටි ඇමරිකානු තානාපති ඈෂ්ලිවිල්ස්‌ එවකට ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති වූ ටිරෝන් ප්‍රනාන්දු සමඟ ගිවිසුමක්‌ අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුමේ සඳහන් වූයේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව තම වැසියන් ජාත්‍යන්තර අධිකරණය වෙත යටත් වීමට හෝ පිටුවහල් කිරීමට ක්‍රියා නොකරන බවයි.

එදා ඇමරිකානු සෙබළුන් බේරා ගැනීමට විවිධ ක්‍රමවේද අනුගමනය කළ ඇමරිකාව අද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන්නේ අතීතය අමතක කරමිනි.

අල්කයිදා නායක බින්ලාඩන් ඝාතනය කිරීමට ඇමරිකාව ක්‍රියා කළේ පකිස්‌තානය වෙත යැමෙනි. එහෙත් නිරායුධව සිටි බින්ලාඩන් ඝාතනය ගැන මානව හිමිකම් කවුන්සිලය පරීක්‍ෂණ පැවැත්වූයේ නැත. බින්ලාඩන් ඝාතනය කිරීමට ඇමරිකාවට අයිතියක්‌ ඇතැයි ජනාධිපති බරක්‌ ඔබාමා පවසා තිබුණි. එහෙත් එම අයිතිය බටහිර රටවල් හැර වෙනත් රටවලට නැත. ඊශ්‍රායලය පලස්‌තීනයේ මන්බාර් හරියා ගුවන් විදුලි මධ්‍යස්‌ථානය විනාශ කළේය. එහෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි හඬ ගුවන් විදුලි වැනසූ විට එය මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක්‌ විය. මෙම පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ සම්බන්ධ අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක්‌ බව පැහැදිලිය. අල්කයිදා හෝ තාලිබාන් ත්‍රස්‌තවාදියකු සම්බන්ධ චිත්‍රපට මානව හිමිකම් කවුන්සිලයේ තිරගත කිරීමට ඉඩ දෙන්නේ නැත. එහෙත් ඉසිප්‍රියා නැමැති කොටි කාන්තාව ගැන නිර්මාණය කළ චිත්‍රපටයක්‌ පසුගිය ඔක්‌තෝබර් 1 දා මානව හිමිකම් කවුන්සිල ශාලාවේදී තිරගත කිරීමට අවසර දී තිබුණි.

සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයක්‌ ලිබියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයක්‌ බරපතල ලෙස යුද අපරාධ සිදුකර ඇතැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෑතකදී කියා සිටියේය.

එහෙත් මානව හිමිකම් කවුන්සිලයට එකී යුද අපරාද ගැන කිසිදු පියවරක්‌ ගැනීමට නොහැකි විය. එසේම සිරියාවට ගිය එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමක්‌ පැවසුවේ සිරියාවේ ගරිල්ලන්ට එල්ල වන ප්‍රහාරවලින් මිය යන සිවිල් වැසියන් ගැන විමර්ශන කෙරෙන්නේ නැති බවයි.

මේ නිසා මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරන්නේ බටහිර රටවලට අවශ්‍ය ලෙස යෑයි තහවුරු නොවන්නේද?

ගරිල්ලා හමුදා 6 කට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇති එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් කොටි සංවිධානයට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට ඉදිරිපත් වී නැත්තේ මන්ද? ඒ යුද අපරාධවලට වගකිව යුතු කොටින්ට බටහිර රටවල් දේශපාලන රැකවරණ දීමයි.

මේ නිසා යුද අපරාධ ගැන බටහිර රටවල් හා අන්තර්ජාතික අධිකරණය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව සනාථ වේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට, විශ්වවිද්‍යාල අධ්‍යනයන් සහ පර්යේෂණ පාර්ලිමේන්තුවට !

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා – සී.වී. විග්නේෂ්වරන්

colombotoday

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday