Colombo Today Local News

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

tamil-national-antem26

68 වන ජාතික නිදහස් උළෙල අවසන් කිරීම සදහා ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කෙරුණි.

ජාතික ගිය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබදව පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවුණ අතර මධ්‍යස්ථ මථධාරී බොහෝ පාර්ශව පැවසූවේ ඒකීය රාජ්‍යයක් තුළ රටේ ජාතික අනන්‍යතාවයක් වන ජාතික ගීය ජන වර්ග අනුව විවිධ භාෂාවලින් ගායනා කිරීමෙන්, එකම රටක එකම ජතියක්ය යන හැගීම වෙනුවට ජාතීන් අතර දුරස්ථභාවය තව තවත් වර්ධනය වීමට හේතුවක් වන බවයි.

මිලියන 60ක දමිළ ජනගහනයක් ඉන්න තමිල්නාඩුවේ සහ ප්‍රාදේශීය වශයෙන් භාෂා 1721 භාවිතා කරන ඉන්දීය සමස්ථ ජනගහනය පවා ජාතික ගීය අභිමානයෙන් ගයන්නේ සංස්කෘත බෙංගාල භාෂාවෙන් වන අතර එවැති තත්වයක් තිබියදී ලංකාවේ සුළුතර දමිළ ජනතාව පවා ජාතික ගීය තම භාෂාවෙන් ගැයීමට නොයිල්ලද්දී සංහිදියාව සහ සහජීවනය මුවාවෙන් සුළු පිරිසක් වු දෙමළ බෙදුම්වාදීන්ගේ බලපෑම්වලට අවනත වී සැබෑ ලෙසම රටේ ස්ථීරසාර සංහිදියාවක් ඇති කිරීමට බාධාවන මෙවැනි ආකාරයේ අනවශ්‍ය ක්‍රියාකාරකම්වලට රජය පෙළඹී සිටින බව එම පාර්ශව පෙන්වා දී තිබුණා.

එම නිසා ජාතික උත්සවයකදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ජාතිවාදීයේ, බෙදුම්වාදයේ තවත් එක් ඉදිරි පිම්මක් වන බවයි එම පාර්ශව වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ.

68වන ජාතික නිදහස් උළෙලේදී ජාතික ගීය දමිළ බසින් ගායනා කළ අයුරු පහතින් නරඹන්න

Related posts

ශෂී වීරවංශට අධිකරණයෙන් ඇප

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

colombotoday

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

Admin

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday