Colombo Today Local News

සීනිගම පොල් ගහද්දි දිනේෂ ගුණවර්ධන මහතාගේ පොකට්ටුවට විදලා

sinigama

සීනිගම දේවාලයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පොල් ගැසීම සංවිධානය කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ, මාධ්‍යවේදියෙකුගේ හා තවත් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිස් ආරංචි කියයි.

අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.

ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.

බුද්ධි අංශ පවසනුයේ පොල් ගැසීමට 1100 ක් පමණ දෙනා පැමිණෙන්නට ඇති බවයි.

Related posts

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

අනුරට අයර්ලන්තයේ ගෙයක් නෑ.. බොරුවලට රැවටෙන්න එපා.. අපි පොලිසි යනවා – ජවිපෙ

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin

ෆොන්සේකාගේ බෑණා විජේදාසගෙන් කෝටි 25ක් ඉල්ලා නඩු යයි

colombotoday