ArticlesColombo Today Local News

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

rnl253

කොටින්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන් වෙනුවෙන් සැමදා පෙනී සිටි චතුර අල්විස්, කීර්ති වර්ණකුලසූරිය ඇතුලු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු නම් කරමින් ඔවුන්ට තර්ජනය කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ සිදුකළ කළහකාරී හැසිරීම අපි හොඳින් දැක්කෙමු. මෙය දැකීමෙන් බොහෝදෙනා විමතියට ලක්වී සිටි නමුත් මෙය කිසි ලෙසකින්වත් අළුත් අත්දැකීමක් නොවේ.

2002 නොවැම්බර් මස 7වන දින, London Daily Telegraph සහ Jane’s Intelligence Review යන සඟරා සඳහා මාධ්‍යවේදියෙකු ලෙස ක්‍රියා කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික පෝල් හැරිස්ගේ වීසා බලපත්‍රය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කරමින් පැය 24ක් තුල ලංකාවෙන් පිටව යන ලෙස එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජයෙන් නියෝගයක් ලැබුණි. එයට හේතුව ලෙස එවක රජය දක්වා තිබුණේ ජාතික ආරක්ෂාව පාවාදෙමින් අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුම පෝල් හැරිස්ගේ විවේචනයට ලක්වීමයි. එසේම කොටි සංවිධානයද පෝල් හැරිස්ගේ නොමද විවේචනයට ලක්වීමද ඔහුව පිටුවහල් කිරීමට වක්‍ර හේතුවක් විය. කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ද පෝල් හැරිස්ව පිටුවහල් කරන ලෙස රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලා සිටි බවට එකල මාධ්‍ය වාර්තා පළවුනි. (http://www.telegraph.co.uk/…/Sri-Lanka-expels-Telegraphs-ma…)

එදා පෝල් හැරිස් මෙන්ම අදද කොටි විරෝධී මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහගේ වෛරයට පාත්‍රවී ඇත. ඒ අතරම කොටි හිතවාදී චැනල් 4 මාධ්‍යවේදී ජොන් ස්නොව් වැන්නන්ට සම්මුඛ සාකච්ඡා දෙමින්, රටෙහි ඕනෑම තැනක බාධාවකින් තොරව, මෙරට හමුදාවන් ගැන රිසි සේ ව්‍යාජ වාර්තා සකස් කිරිමට ඉඩ සලසා දීමට තරම් රනිල් වික්‍රමසිංහ කාරුණික වී ඇත.

රනිල් විසින් ලංකාවෙන් පිටුවහල් කළ පෝල් හැරිස් ඝාතනය කරන්නැයි 2004දී කොටි නායකයා විසින් තම සාමාජිකයන්ට නියෝග කල අතර එතැන් සිට 2009දී කොටින්ගේ අවසානය දක්වාම පෝල් හැරිස් බ්‍රිතාන්‍ය තුලද ජීවත් වූයේ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව යටතේ බව පසුව වාර්තා විය.

2009 වර්ෂයේ මුල සිටම කොටි සංවිධානයට අත්වූ පරාජයන් දැක මෙරට දේශප්‍රේමීන් ප්‍රීති වන අතරම මෙරට ජනයාගේ මිතුරෙකු වූ පෝල් හැරිස්ද තනිවම එහි සතුට විඳදරාගත් බව අපට නිසැකය. 2009 පෙබරවාරි 8 වැනිදා, එනම් යුද්ධයෙහි අවසාන බාගයේදී පෝල් හැරිස් කල ප්‍රකාශයක් සමගින් මෙම සටහන අවසන් කරමි.

“The government of Sri Lanka and its President are to be congratulated on the prosecution of the war with the LTTE which has been accomplished with resolve and courage. This is in stark contrast to the supine efforts of previous governments who flinched from taking on the LTTE which had, accordingly, been able to engender a myth of invulnerability. Only six or seven years ago, it appeared that Sri Lanka might be terminally divided: a fate which would have doomed this unique and wonderful country as a sovereign entity”

ප.ලි: 2009 මැයි මාසයේදී, උතුරේ අවතැන් කඳවුරු ගැන ව්‍යාජ කරුණු හා මෙරට හමුදාවන්ට ව්‍යාජ යුධ අපරාද චෝදනා ඉදිරිපත් කරමින් වාර්තාකරණයේ යෙදුනු නික් පැටන්-වෝල්ෂ් ඇතුළු චැනල් 4 මාධ්‍යවේදීන් තිදෙනුකු එවකට මහින්ද රාජපක්ෂ රජය මගින් අත් අඩංගුවට ගෙන රටින් පිටුවහල් කෙරුනි. ඉතිහාසය පුරා කොටි හිතවාදීන් මහින්ද රාජපක්ෂගේ එදිරිවාදීකම්වලට ලක්වීමත්, කොටි විරෝධීන් රනිල් වික්‍රමසිංහගේ වෛරයට පාත්‍ර වීමත් තේරුම් ගැනීමට එතරම් අපහසු නොවිය යුතුය.

මහින්ද වෙනස් වී නැත. රනිල්ද වෙනස්වී නොමැත. සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතී.

– සධීර බණ්ඩාර

Related posts

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

හිටපු නාගරික මන්ත්‍රීවරියක් ලග කිසිදු ලේඛණයක සටහන්ව නැති මෝටර් රථයක්

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday