Colombo Today Local NewsHot News

“මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු… භික්ෂූන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වනු“ – විග්නේෂ්වරන්ගෙන් වන්නි පොලිස්පතිට නියෝග

vigneshvaran mulative 256565

මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි මුහුදුබඩ පත්තුව සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින සම්බෝධි විහාරයේ කටයුතු නවතා දමා එහි විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් වන්නි දිස්ත්‍රික් පොලිස්පති වරයාට දන්වා තිබෙනවා.

උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් වන්නි දිස්ත්‍රික් පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපිය උපුටා දක්වමින් දමිළ මාධ්‍ය වෙබ් අඩවි මේ බව වාර්තා කර ඇත.

“දෙමළ ජනතාවට අයත් ඉඩම් හා ප්‍රදේශ සියල්ල ආක්‍රමණය කර ඇති අවස්ථාවකදී, කෝකිලායි ප්‍රදේශයේ තිරුඥානසම්බන්ධන් මනිවන්නන් යන පුද්ගලයාට අයත් ඉඩම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් විහාරස්ථානයක් ඉදිකිරීමට නීති විරෝධී ලෙස ආක්‍රමණය කර ඇත. එම ඉඩම වෙනුවට අදාල පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දීමට සහකාර ප්‍රදේශීය ලේකම්වරයා විසින් උත්සහා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පල කරන අතර අදාල ඉඩම් හිමියාට සාධාරණයක් ඉටුකර දෙන අන්දමින්, එම ඉඩම නැවත ඔහුට රැගෙන දීම සඳහා මෙම කරුණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීති විරෝධීව කටයුතු කර ඇති බෞද්ධ භික්ෂූවට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටිමි” යනුවෙන් එම ලිපියේ සදහන් කර ඇත.

මුලතිව් සම්බෝධි විහාරයේ සිද්ධිය

ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සිද්ධස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතින්නේ පැරණි කෝකිලායි රජයේ සිංහල විද්‍යාලය තිබූ භූමියේයි. යුධ ගැටුම් හේතුවෙන් කෝකිලායි සිංහල විද්‍යාලය විනාශයට පත්ව ඇති අතර එම භූමියේ කෝකිලායි සිංහල ගම් වැසියන්ගේ ආගමික කටයුතු සදහා මෙම විහාරස්ථානය ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ 2010 වසරේදීයි. පසුව වෙනත් පුද්ගලයෙකු විසින් අදාල ඉඩමට අයිතිවාසිකම් කීම නිසා මෙම ගැටළුකාරී තත්ත්වය ඇතිව තිබෙන අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පාළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ටී.රවිහරන් විසින් විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඉඩම අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස කිහිප අවස්ථාවකදී විහාරස්ථානයට පැමිණ තර්ජනය කළ බව මීට පෙර වාර්තා විය.

කෙසේ නමුත් අදාල රජයේ ඉඩමට අයිතිවාසිකම් කියන පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දී විහාරස්ථානයේ කටයුතු පවත්වාගෙන යෑමට අදාල ප්‍රාදේශීය බලධාරීන් තීරණය කර ඇත. එහෙත් ගැටළුව එලෙස සමථයකට පත් කරගැනී සදහා ඉඩමට අයිතිවාසිකම් කියන පුද්ගලයා මුලින් කැමැත්ත පළකරත් එම තීරණයට එරෙහිව ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් එම පුද්ගලයාව මෙහෙයවමින් සිටින බවයි දැන ගැන්මට ලැබෙන්නේ.

‍මෙලෙස මුලතිව් කෝකිලායි විහාරයට එරෙහිව කතෝලික භක්තිකයෙකු වන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ටී.රවිකරන්ව මෙහෙයවන්නේ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් සහ ද්‍රවිඩ පුවත්පතක මාධ්‍යවේදියෙකු විසින් බව Colombotoday වෙත වැඩිදුරටත් අනාවරණය වී තිබෙන අතර මුලතිව් විහාරය ඉදි කිරීමට ඉඩ දුන්නොත් තවත් බෞද්ධ විහාරස්ථාන උතුරේ ඉදිවනු ඇති බැවින් කෙසේ හෝ මෙම විහාරය ඉවත් කළ යුතු බවට ඔවුන්ගේ අදහස වී තිබේ.

උතුරේ ආගමික සංහිදියාවට රායප්පු ජෝශප්ලා මෙසේ බාල්දි පෙරළද්දී මුලතිව් සම්බෝධි විහාරය හා විහාරධිපති හිමියන් වෙනුවෙන් පෙරමුණ ගෙන පෙනී සිටින්නේද කෝකිලායි හී කතෝලික ධීවර ජනතාව බවද විශේෂයෙන් සදහන් කළ යුතුය.

ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් මීට පෙර අවස්ථාවක Colombotoday සමග දැක්වූ අදහස් (හඩ පටය පහතින්)

රජයට අයත් ඉඩමකට පුද්ගලයෙකු අයිතිවාසිකම් කිමේ නීතිමය පසුබිම කුමක්ද? පසුගිය යුධ ගැටුම් සමයේ ඇතිවූ තත්වයත් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් පවතින බවද සැබෑවකි. එවැනි සංකීර්ණ පසුබිමක ආගමික හා ජාතික සමගිය සම්බන්ධයෙන්ද සංවේදීව බලපාන මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවා වෙනුවට පුද්ගයෙකුට අදාල ගැටළුවක් සමස්ථ දෙමළ ජනතාවගේම ගැටළුවක් කරගනිමින් ජාතිවාදී ලෙස උතුරේ මහ ඇමතිවරයා රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම පිළිකුල් සහගතය.

ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් සතුට පළකරමින් විග්නේෂ්වරන් පැවසුවේ සිංහල ජනතාව සහජීවනය වෙනුවෙන් එක අඩියක් තබනවානම් දෙමළ ජනතාව සමග තමන් අඩි දහයක් ඉදිරියට තැබීමට සූදානම් බවයි. සැබෑ ලෙසම සාමය සහජීවනය ගොඩ නැගුණේ දැන් යැයි පවසමින් රජයේ මාධ්‍ය හා දකුණේ දේශපාලකයින් එම ප්‍රකාශය උත්කර්ශයට නගනවා දක්නට ලැබිණි. එහෙත් ප්‍රකාශ ප්‍රකාශවලට පමණක් සීමා කරමින් සහජීවනය වෙනුවෙන් දිගු කළ දෑත මෙලෙස හපා කන විග්නේෂ්වරන්ලා වැනි තක්කඩි ජාතිවාදීන් සමග සැබෑ සහජීවනයක්, සංහිදියාවක් ගොඩනගන්නේ කෙසේද?

සංහිදියාවේ නාමයෙන් රටේ පැවැත්මට හානි වන ජාතිවාදී අන්තවාදී ඉල්ලීම් සදාචාරාත්මක සහ නීතිමය සීමාවන් ඉක්මවමින් එක් ජන වර්ගයකට පමණක් හිමිකර දී මේ රටේ බහුතරය නියෝජනය කරන ජනතාවගේ ජාතික ආගමික අයිතිවාසිකම් සංහාරයට කිරීමට ඉඩ දී සැබෑ සංහිදියාවක් ගොඩනගන්නේ කෙසේදැයි තම රජයේ ප්‍රමුඛතම කාර්යය“ජාතික සංහිදියාව ගොඩනැගීම“ යැයි කියන යහපාලන බලධාරීන්ගෙන් අප විමසා සිටින්නෙමු.

 

Related posts

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

හෙට රජයේ නිවාඩු නෑ

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනයට ගමකට දානේ දෙයි. දුප්පත් පවුලකට නිවසෙකුත් දෙයි.

colombotoday

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday