Colombo Today Sports News

නවසීලන්තයේ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්තයේ මෙතෙක් පහළවූ හොඳම ටෙස්ට් කඩුලු රකින්නා ලෙස සැලකෙන බී. ජේ. වොට්ලින් එළඹෙන එංගලන්ත සංචාරයෙන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසයි.

ජුනි 18-22 වනදා දක්වා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැත්වීමට නියමිත “ලෝක ටෙස්ට් ශූරතාවලියේ” අවසාන මහ තරඟය ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය වන බව වාර්තා වේ.

එම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාව සමගය.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 73ක් ක්‍රීඩාකර ඇති 35 හැවිරිදි වොට්ලින්, එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3,773 කි.

ඔහු කඩුලු රකින්නා ටෙස්ට් තරගවලදී උඩපන්දු සහ ස්ටම්ප් කිරීම් (08) 257ක් වාර්තාකර තිබේ.

Related posts

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

colombotoday

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Admin

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

Admin

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි. – දිනේෂ් චන්දිමාල් නැවත කණ්ඩායමට

colombotoday

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.

Admin