Colombo Today Local News

ප්‍රබල ජනබලයක් ඉදිරියට ආවොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ – ලාල් කාන්ත

lal kantha 54

 

ප්‍රබල ජනබලයක් ඒකරාශි වී ඉදිරියට පැමිණියහොත් වත්මන් ආණ්ඩුව ඇදවැටෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

“පොරොන්දු ඉටු කරනු, මෑන් පවර් අයපත්කරුවන් එනර්ජිලංකා සේවකයින් කොන්දෙසි විරහිතව වහා ස්ථීර කරනු“ තේමාව යටතේ ලංකා විදුලි සේවක සංගමයේ විශේෂ මහ සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

මේ මහ සමුළුව ජනාධිපතිවරයාට පමණක් නොව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් කරන අභියෝගයක්. පසුගිය දිනවල ස්වාධීන යැයි කියා ගන්නා වෘත්තීය සමිති ආණ්ඩුව තමන්ගේ යැයි කියාගෙන රනිල් සමග සම්මුතියකට පැමිණ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටවූ නමුත් සමන් රත්නප්‍රියලා සමග එළැඹුණු සම්මුති අපට වලංගු නහැ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය එවැනි සම්මුතිවලට යන්නේ නැහැ. මෑන් පවර් සේවකයන්ගෙන් කොටසක් හෝ ස්ථිර කර ගැනීම සටනේ ප්‍රථම අදියරේ ජයග්‍රහණයක්.

මේ ආණ්ඩුවේ ජනාධිපති ප්‍රධාන වශයෙන් එජාප ඡන්ද පාවෙන ඡන්ද හා සිවිල් සංවිධානවල ඡන්දයෙන් බලයට පැමිණි කෙනෙක් තනි පක්ෂයක ඡන්දවලින් නොවෙයි. මේ පැතිරුණු ජනතාවට යම් ආකාරයක ඇහුම්කන් දීමට ඔහුට සිදුවෙනවා. ඒ ස්ථිර ශක්තිමත් බලවේගයක් ඔහුට නැති නිසයි. ප්‍රබල අරගල ඉදිරියට එනවා නම් තමාගේ බලය රැක ගැනීම වෙනුවෙන් ඒවාට ඇහුම්කන්දීමට සිදු වෙනවා. අගමැතිවරයාටත් එහෙමයි. ඔහු පත්ව සිටින්නේ තනි පක්ෂයක තේරීමෙන් නොවෙයි. ප්‍රබල ජන බලයක් ඉදිරියට පැමිණියහොත් ආණ්ඩුව වැටෙනවා. ඒ වාසිය අප විසින් ලබාගත යුතුයි. ඒ නිසා විදුලි සටන අපේ වෘත්තීය සමිතිය හා එක්ව ජයග්‍රහණය කළ හැකියි.

Related posts

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday