Colombo Today Local News

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

39b77f7bac97402894d05c2cd41e1547_L

පසුගිය සමයේ පක්ෂයේ තීන්දු තීරණ නොසලකා හරිමින් පක්ෂ විනය උල්ලංගනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර තොරතුරු මාර්ගවලින් වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග, බන්ධුල ගුණවර්ධන, දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රන්ජිත් ගුණවර්ධන, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුළු ශ්‍රීලනිප මහජන නියෝජිතයන් අට දෙනකුට එරෙහිව හෙට පස්වරු 2ට පැවැත්වෙන එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තින්දුවක් ගැනීමට සූදානම් වන බවයි එම තොරතුරු මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ.

පක්ෂයේ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බව ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිය නිල නිවසට කැඳවා පසුගියදා දැනුම්දී සිටියේය.

Related posts

එජාපය සදුදා කොළඹ වටලන්න යයි… මහ පිරිසක් කොළඹට කැදවයි….

colombotoday

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

colombotoday

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday