BusinessColombo Today Local News

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

indian it 2655 තෝරා ගත් වෘත්තීන් සඳහා වන රැකියා වීසා ගාස්තුව දෙගුණ කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. මේ අනුව රැකියා සඳහා නිකුත් කරනු ලබන H1-B හා L-1 වීසා කාණ්ඩ සඳහා මෙලෙසින් ගාස්තු ඉහළ නැංවීමට කොංග්‍රසය පියවර ගෙන ඇත.

H1-B හා L-1 යනු විශේෂ වෘත්තිකයින් සඳහා වසර 6 ක් වැනි උපරිම කාලයකට යටත්ව පිරිනමනු ලබන විශේෂ වීසා කාණ්ඩයකි. මෙහිදී අදාළ වෘත්තිකයා බඳවා ගන්නා ආයතනය විසින් තෝරා ගත් කාල පරාසයකට අනුව සිදුකරන ලබන ඉල්ලීම් ප්‍රකාරව මෙම වීසා නිකුත් කරනු ලැබේ.

සේවකයින් 50කට වැඩි සේවාස්ථාන සහ සේවකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් විදේශිකයින් ලෙසින් සඳහන් ආයතන මෙම වීසා ගාස්තු ඉහළ දැමීමට යටත් වන බව මෙහිදී නිවේදනය කර තිබේ. එබැවින් බහුලව ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පීන් සේවය කරනු ලබන සමාගම්වලට මින් දැඩි බලපෑමක් එල්ල වන බව සඳහන් වේ.

එක්සත් ජනපද කොංග්‍රසය විසින් සති කිහිපයකට පෙර මෙම වීසා ගාස්තු ඉහළ නැංවීමේ තීරණය ගනු ලැබූ අතර එහිදී H1B කාණ්ඩය සඳහා ඩොලර් 4,000 ක්ද, L-1 කාණ්ඩය සඳහා ඩොලර් 4,500 ක්ද වශයෙන් වීසා ගාස්තු වැඩිකර ඇත. මේ සම්බන්ධයෙන් බලපෑමට ලක්වන සමාගම් පවසන්නේ, මෙම පිරිවැය දැරීමට සමාගම්වලට සිදුවීම තුළින් සිය ලාභදායීත්වයට දැඩි බලපෑමක් සිදුවන බවයි.

H1-B හා L-1 වීසා යටතේ විශාල සේවක පිරිස් සේවය කරනු ලබන TCS, Infosys, හා Wipro වැනි සමාගම්වලට මෙම තීරණයෙන් දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වාර්තා වේ. 2016 අප්‍රෙල් 01 වැනි දා සිට මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

AdaderanaBiz

Related posts

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

colombotoday

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ඇමරිකාව අපට ඩොලර් මි. 486ක් පිනට දෙනවා… එය අරන් MCC ගිවිසුම අත්සන් කරනවා – මංගලගේ ලේකම්

colombotoday

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

Admin

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday