Colombo Today Sports News

තවත් ලක් පුතෙක් සාග් මීටර් 200 රනින් සරසයි

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ හත්වැනි දිනය වූ අද (11දා) දිනයේ ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම දිනාගැනීමට මීටර 200 පිරිමි ධාවන ඉසව්ව නියෝජනය කළ විනොජ් සුරන්ජන් ද සිල්වා සමත් විය.

තරගය අවසන් කිරීම සඳහා විනෝජ් තත්. 21.00 ක කාලයක් ගතකළේය. කෙසේ නමුත් ඔහුට දකුණු ආසියානු හෝ ශ්‍රී ලංකා වාර්තාව අභිබවායාමට නොහැකි විය.

මෙහි දකුණු ආසියානු වාර්ථාව 2004 වසරේදී ඉස්ලාමාබාද් නුවරදී රොහාන් ප්‍රදීප් කුමාර (තත්. 20.99) විසින්ද, ශ්‍රී ලංකා වාර්තාව සුගත් තිලකරත්න (තත්. 20.69) 1998 වසරේ බැංකොක්හිදී ද පිහිටුවා තිබුණි.

Related posts

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්

colombotoday

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday

විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

colombotoday

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වෙනි ස්ථානයට

colombotoday

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday