Gossip

සාග් පදක්කමක් පිටුපස සැගවුණු සංවේදී කතාවක්

සාග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව අටුවා ටිකා අවශ්‍ය නොවේ. ක්‍රීඩකයන්ගේ දහදිය, කඳුළු, කැපවීම මතින් ලබනා මේ ජයග්‍රහණ පසුපස ඇතැම්විට නෙතට කඳුළු උනන කතාද වෙයි. මේද එවැනි කතාවකි. වෙඩි තැබීමෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවකගේ කතාවකි. ඇයගේ ලෝකඩ පදක්කම රන් පදක්කමක් මෙන් වටියි. භාතිය අර්ථනායක ක්‍රීඩා මාධ්‍යවේදියෙකි. සාග් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිප්‍රේරණය කිරීම සඳහා දේශන පවත්න ක්‍රීඩා මාධ්‍ය වේදියෙකු වන භාතිය අර්ථනායක මෙම කතාව පවසයි. පවත්වමින් සිටියි. ඒ අනුව ඔහු සාග් තරගාවලියට සිටි ක්‍රීඩා මානසික අබීප්‍රේරකයෙකු එක්ව සිටින්නේ ක්‍රීඩා ක්‍රීඩා අධ්‍යක්ෂ කේ.ඩී.එස් ජනරාල් රුවන්චන්ර්‍ද මහතාගේ ආරාධනවා අනුවයි.

ඒ ලෝකඩ පදක්කම ඔලිම්පික් රන් පදක්කමකට වඩා අගනේය..

ජාතික වෙඩි තැබීමේ කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ආවේ ජනේරු 25 වැනිදාය. සාග් තරගාවලියට පෙර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණ දීම ඔවුන්ගේ ගමනේ අරමුණ විය.ඒ අව් අස්සේ අවසන් අභිප්‍රේරණ දේශනය ළමුන් වෙනුවෙන් පවත්වන්නැයි මට වෙඩි තැබීමේ සංගම් පරිපාලනයෙන් ඉල්ලීමක් ලැබිණ. ඒ අනුව මම 23 වැනිදා වැලිසර වෙඩි පිටියේ දී ඔවුන් හමුවූයෙමි.

දේශනය නිමාවේ දී සාමාන්‍යයෙන් ළමුන්ට පෞද්ගලිකව මා හමුවීමට අවස්තාවක් දීම මගේ සිරිතය. ඒ අනුව නාවික හමුදාවේ එගොඩවෙල මා අබිමුව පෙනී සිටියාය. ඈ සිටියේ දැඩි පීඩනයක බව මට හැගිණ. ඈ එය පිටකරගත නොහී අඩන්නට වූවාය. ඉකිබිදුම අතරින් කදුළු කැට කඩා හැලෙද්දී මගේ දෑස ද තෙත් විය.

25 වැනි දා පස්වරු 2 ට වෙඩි තැබීමේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබූ අතර, ඒ වනවිටත් ඇගේ තුන්මස් නිවුන් දරුවන්ට වීසා ලැබී නොතිබිණ. නිවුන් දරුවන් මවගේ කිරි හැර වෙනත් කිරි වර්ග ප්‍රතික්ෂේප කිරීම නිසා දරුවන් හැර දමා යා නොහැක. ඇගේ සහයට ඈ සමග යන්නට සිටි ඇගේ සැමියා දිල්රුක් සියළු වෙර දැරීමෙන් පසු 22 වැනි සිකුරාදා දරුවන්ගේ ගමන් බලපත්‍ර ලබාගෙන තිබුණ ද වීසා නිකුත් කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නියම කර තිබුණේ සදුදාටය.

එය මව සමග පිටත්ව යාමට දරුවන්ට ඇති අවස්තාව අහිමි වීමක් වන අතර, මව නැතිව දරු දෙදෙනා සමග පමණක් ගුවනට නැගීම දිල්රුක්ට කල හැක්කක් නොවීය. එක්දින වීසා නිකුත් කිරීමට ඔවුන්ගෙන් රුපියල් 44000 ක් ඉල්ලා තිබූ අතර එගොඩවෙල මේ තරගාවලියට සුදුසුකම් ලබා තිබුණේ දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසු පැවති ජාතික ශූරතාවේදීය. සැත්කමෙන් වූ තුවාල පැසවා වේදනාවෙන් වෙලෙද්දී ඉලක්කය ලබාගත් එගොඩවෙල මෙතැනදී පසු බැසීම මගේ අපේක්ෂාව නොවීය. මෙතරම් මානසික පීඩනයක් මැද ඈ කෙසේ නම් ඉලක්කය ලබා ගන්නද?

“පොඩ්ඩක් ඉන්න පුතේ. අපිට විකල්පයක් තියෙනවා. අපි ඒකට උත්සාහ කරමු. ඔයා 25 හවස ප්ලේන් එකට නගිනවා. හැබැයි බබාලා දෙන්නා එක්ක. මාව විශ්වාස කරන්න.”

අනතුරුව දුරකතනයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඇමතූ මම ප්‍රශ්නය පැහැදිලි කල අතර, ඔහු එය මනාව තේරුම් ගත්තේය. වෙඩි තබන්නියගේ මානසික සුවය මට වැදගත් බවත, ඒ සදහා සදුදා උදෑසන 10 වනවිටවත් වීසා ලබා ගැනීම අවශ්‍ය බවත් මම පැහැදිලි කල අතර අමාත්‍යවරයා සදුදා අළුයම තමා අමතා සියලු තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

සදුදා දිනය තීරණාත්මක වූ අතර එගොඩවෙල ගුවන් තොටුපලට පිටත්ව ගියේ දරුවන් නොමැතිවය. උදෑසන 08 වනවිට ඇගේ ක්‍රීඩා උපකරණ ක්ලියරන්ස් සදහා යොමු කල යුතුව තිබිණ. ඒ අතරතුර අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා අමතා හැකි ඉක්මනින් දරුවන්ට සහ සැමියාට වීසා ලබා දෙන්නැයි ඉල්ලා තිබිණ. දහවල් 12.30 පමණ වනවිට දුරකතනයෙන් මා ඇමතූ එගොඩවෙල ගුවන් තොටුපලේ සිටි තමා සමග දරුවන් එක් වූ බව සතුටු කදුලු වගුරුවමින් දැනුම් දුන්නාය.

ඊයේ ගුවහාටි වෙඩි පිටියට පැමිණි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවේ ඈ ප්‍රණාමය පුද කර හඩන විට මගේ මෙන්ම අමාත්‍යවරයාගේද දෑස් කදුලින් පෙගී ගියේය. ඊයේ රාත්‍රී මා ආදිත්‍යා හෝටලයේ දී කුඩා වෙඩික්කරුවන් දෙදෙනා බැහැදැකීමට යද්දී උන් වෙඩික්කාර අම්මාගෙන් බඩ පැලෙන්නට කිරි බී සුවසේ නිදමින් උන්හ.

සාග් යනු රන් පදක්කම් පිළිබද කතාවක් පමණක් නොවේ.කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, අනෙකාගේ දුක තේරුම් ගැනීම වැනි බොහෝ දේද ඊට අන්තර්ගතය. මීට දින කිහිපයකට පෙර ලැබූ රිදී සහ ලෝකඩ පදක්කම් ගර්හාවට ලක් කල පෝස්ටුවක් බුකියේ දුටු අතර එවැන්නන්ට කීමට ඇත්තේ හැම පදක්කමක්ම පිටුපස මෙවැනි කදුලු කතාවක් පවතින බවය. එබැවින් එගොඩවෙල දැනටමත් දිනා ඇති සාග් ලෝකඩ පදක්කම මට නම් ඔලිම්පික් පදක්කමකට වඩා අගනේය.

– උපුටා ගැනීම භාතිය අර්ථනායක ෆේස්බුක් ගිණුම

Related posts

“අන්ජනා ඇන්ඩ් සහන් එන්ඩ අතටම මාට්ටු” පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ගේ යැයි සඳහන් කරමින් නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයේ.

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

වත්තල පාටියකදී රාජපක්ෂලා බයිට් එකට අරන්.. ජිප්සීස් සුනිල් අම්බානක කයි !

colombotoday