Colombo Today Local News

කංජිපානිගේ ගෝලයෙක් අයිස් ග්‍රෑම් 7ක් සමඟ වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක් ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.

විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ අත්අඩංගුවට පත් 30 හැවිරිදි පුද්ගලයා “ක්ලෙමන්“ නැමති නාමයෙන් හඳුන්වනු ලබන බවය.

ඊයේ (11)දින සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

Related posts

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

colombotoday

බියගම වගේ රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් කරනවා – ජනපති රනිල් කියයි

Admin

“ගෝඨාභය අත්අංගුවට ගැනීමට ඉඩ නොදෙන්නේ ජනපති මෛත්‍රීයි..” – නීතීඥ සුගන්ධිකා

colombotoday

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් හඳුනා ගන්න ඇප් එකක්

colombotoday