Colombo Today Local News

“ඉන්දු – ලංකා ගිවිසුම ගැහුවොත් පරම්පරා ගාණක් අමාරුවේ.. අපිත් විරුද්ධයි“ – හෙළ උරුමය

indo -lanka 15451

අත්සන් තැබීමට යෝජිත ඉන්දු – ලංකා වෙළද හා සේවා ගිවිසුම නැවත වරක් සලකා බැලිය යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් සිය පක්ෂයේ මතය මෙසේ පවසයි.

‘ඉට්කා ගිවිසුම‘ නැවැත වරක් සලකා බැලිය යුතුය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කර ගැනීමට නියමිත ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (Economic & Technology Corporation Agreement) පිළිබදව මෙරට දේශපාලන දහරාවන්හි මෙන්ම වෘත්තිය වේදී සංවිධාන සහ වාණිජ සංවිධාන අතර විශාල විරෝධතාවක් ආරම්භ වී ඇත. දෙරට අතර සිදුකරන මෙම ගිවිසුම අදියර දෙකකින් සිදු වේ. ඒ අනුව මූලික පදනම් ගිවිසුම පෙබරවාරි මාසයේදී ද සම්පූර්ණ ගිවිසුම ලබන ජුනි මාසයේ දීද අත්සන් කිරීමට නියමිත බව පැවසේ. රටවල් දෙකක් අතර සිදුවන මෙවැනි ගිවිසුම්වලදී අප රටේ ආර්ථිකයට අත්වන ඉරණම හා වාසි සහ අවාසි ගැන ඉතා ගැඹුරු අවධානයකින් කටයුතු කළ යුතු බව අපගේ හැගීමයි. එසේම මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ දී රට තුළ සංවාදයක් ආරම්භ කිරීම හා ඒ ඒ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රවීණයන්ගෙන් මෙන්ම වෘත්තියවේදීන්ගේ සංවිධාන මෙන්ම දේශපාලන නියෝජිතයන්ගේ අදහස් විමසා කටයුතු සිදු කිරීම කළ යුතුම කාර්යයකි.

එසේ නොවී අත්තනෝමතික ලෙස විදේශීය රටවල් සමග ගිවිසුම්වලට එළැඹීම අනර්ථකාමී ක්‍රියාවක් මෙන්ම මෙරට සමාජය තුළ කැළඹීම්වලට තුඩු දෙන්නක් බව ඉතිහාසය සාක්ෂි දරයි. 2000 වසරෙදි ඉන්දියාව සමග ඇති කරගන්නට ගිය සීපා ( CEPA ) ගිවිසුම ද 1998 වසරේ හිටපු ජනපතිනිය විසින් ඉන්දියානු සංචාරයක් අතරතුර අත්සන් කෙරුණු නිදහස් වෙළද ගිවිසුම ද අසාර්ථක ගිවිසුම් බවට පත් වන්නේ මෙම ඉක්ටා ගිවිසුම මෙන් රට අභ්‍යන්තරයේ පුළුල් සංවාදයක් ඇති කර නොගත් නිසාවෙනි. හිටපු ජනපතිනිය විසින් එලෙස අත්සන් කළ නිදහස් වෙළද ගිවිසුම ගැන මෙරට දැන්ගත්තේ මාධ්‍ය මගිනි. එබැවින් රටට බලපාන මොනයම් ආකාරයේ ගිවිසුමක් වුව ද අදාළ ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් හා එක්ව පුළුල් සංවාදයකින් අනතුරුව සිදු කළ යුතුමය.

එසේම මහජන ඡන්දයෙන් තේරී පත්වුණු නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට මෙම ගිවිසුම ගැන සත්‍ය තොරතුරු ඉදිරිපත් කොට සාකච්ඡා සංවාද විවාද තුළින් ඔවුන්ගේ ද අදහස් විමසා මෙවැනි අවබෝධතා ගිවිසුම්වලට එළැඹිය යුතුය යන්න අපගේ හැගීමයි.

බැලු බැල්මට මෙම ගිවිසුමෙන් වාසි අත්කර දෙනුයේ ඉන්දියාවටය. බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබු අප වසර 68කට පසු මෙවැනි ගිවිසුම් හරහා ඉන්දියානුකරණයකට ක්‍රමානුකූලව ගොදුරු නොවන්නේ දැයි මැනවින් සිතා බැලිය යුතු කරුණකි.

ඓතිහාසිකව සිදු වූ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට ගෙන් වූ ශ්‍රමිකයින් නිසා ඇති වූ බලපෑම කුමන ආකාරයේ එකක් දැයි යන්න ද එතෙක් මෙතෙක් ලංකාව ගිවිසුම්ගතව ලබාගත් වාසි සහ අවාසි මොනවාදැයි යන්න පිළිබද තක්සේරුවකට පැමිණ ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.

එසේ නොවුනහොත් කෙටිකාලීන විසදුම් සොයන්නට ගොස් දීර්ඝකාලීනව අප රටට විශාල අනර්ථයක් මෙමගින් සිදු විය හැකිය. මෙවැනි ගිවිසුම් හරහා අප රටට අනාගතයේ දී මුහුණු පෑමට සිදුවන ආර්ථික, සාමාජික, හා සංස්කෘතික බලපෑම් ගැන ද අවධානය යොමු කළ යුතුම වන්නේ අතීත පාඩම් ද සැලකිල්ලට ගිනිමිනි.

රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයයට 60 ක් පමණ වූ සේවා වෙළදාම ඉන්දියාවට විවෘත කර තැබීම කිසිලෙසකින්වත් අප රටට වාසියක් නම් අත්කර නොදෙයි. අනෙක් කරුණ විරැකියාව අතින් ලංකා ජනගහනය මෙන් දෙගුණයක් තරම් ගැටලුවක් පවතිද්දි ශ්‍රි ලංකා ශ්‍රමිකයින්ට ඉන්දියාව තුළ නව රැකියා අවස්ථා ලැබේ යැයි සිතීම පවා විහිළුවකි. සියුම්ව විමසා බැලීමේ දී මෙම ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම ( ECTA ) මෙරට දුප්පත් කුළී රථ රියදුරාගේ සිට ඉංජිනේරුවා දක්වාත් ගොවි කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් විහිද යන මෙන්ම දැඩිව බලපාන ගැටලුවක් බව පැහැදිලිය.

එම නිසා ආණ්ඩු පක්ෂයේ සිටින කිහිප දෙනෙකුගේ මතයට හෝ තමන්ගේ මතය හෝ පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා හෝ තම හිතවත් ව්‍යාපාර ප්‍රජාවේ අදහස් මත හෝ මෙවැනි ගිවිසුම්වලට එළැඹීම නොකළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි. එම නිසා සමස්ත රටටම හා රට වැසියාටම බලපාන මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙරාතුව ඒ ඒ ක්ෂේත්‍රයන්හි අදාළ වෘත්තීය සමිති, රටට හිතැති වෘත්තිය දැනුමක් සහිත පුද්ගලයන්ගෙන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන් ද අදහස් විමසා කටයුතු සිදුකිරීම කළ යුතුම කාර්යයකි. යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන් උගත් ජනතාවගේ අදහස් වලට ගරු කරමින් විවෘතභාවයකින් හා විනිවිදභාවයකින් කටයුතු කළ යුතු අතර මේ සම්බන්ධව විරෝධය පළ කරන වෘත්තිය සංවිධාන බියවැද්දීමට හෝ මැඩපැවැත්වීමට කටයුතු නොකළ යුතුය. එසේ නොවන්නේ නම් මෙම ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුමට එදා සීපා ගිවිසුමට වුණු දේ සිදු වනු ඇත. එබැවින් ජාතික හෙළ උරුමය වශයෙන් අපගේ අදහස වනුයේ රටට බලපාන මෙවැනි වෙළද ගිවිසුම් කඩිමුඩියේ අත්සන් කිරීම නොකළ යුතු බවය.

ස්තුතියි!
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මාධ්‍ය ලේකම්

Related posts

කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් ගෙන ඒමට සූදානම්.. – ගුවන්තොටුපොළ බලධාරීන් කියයි

colombotoday

ආදාහනය කලොත් ස්වර්ගස්ථ වෙන්න බාදාවක් නෑ | මුස්ලිම් සමාජයට අවවාදයක් දෙමින් රිෂාම් මරුෂ් කියයි.

colombotoday

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

colombotoday

ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

colombotoday