Colombo Today Local News

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

ganasara himi pansala 2323

උසාවියට අපහාස කිරීම සහ එක්නැලිගොඩ බිරියට තර්ජණය කළැයි යන චෝදනාව මත රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දිගටම සිරගත කර තැබීමට රජයේ ඉහළම බලධාරීන්ගේ මෙහෙයවීමෙන් ඥාණසාර හිමියන්ට එරෙහිව තවත් චෝදනා ගොණුකරහැකි මාර්ග සොයමින් සිටින බව වාර්තා වේ.

යාඥා මධ්‍යස්ථානයක ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් ඇතුළු 11 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලද නඩුවක් නැවත කැදවීමට නිතිපතිවරයා විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇති අතර එය මාර්තු 1 වනදා විභාගයට ගැනීමට නියමිතය. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියේ එනම් විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම වගන්තිය යටතේත් අයුතු ජනරාශිය චෝදනාව යටතේත්ඥාණසාර හිමියන්ට නඩු පැවරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති උපදෙස් පතා තිබෙන අතර 2014 බේරුවලදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන්ද ඥාණසාර හිමියන් චූදිතයෙකු කර නඩු පැවරීය යුතුය යන්න ඉහළ බලධාරීන්ගේ මතය වී තිබේ.

මේ අතර ඥාණසාර හිමියන් භාවිතා කරන වාහනය ලැබුණේ කෙසේද යන්න හා උන්වහන්සේගේ විහාරස්ථානයේ ඉදිකර ඇති ගොඩනැගිලි සහ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා සිටින අතර රජයට හිතවත් වෙබ් අඩවි කිහිපයක් හරහා පසුගිය දිනවලදී ප්‍රචාරය කර තිබුණේ පසුගිය රජයේ බලවතකු විසින් උන්වහන්සේට මුදල් ලබා දී ඇති බව සහ රාජ්‍ය නොවන සංවිධානවලින් අරමුදල් ලැබී ඇති බවය. ඒ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා ඤාණසාර හිමියන්ගේ රාජගිරිය විහාරස්ථානයට ගිය විශේෂ විමර්ශණ කණ්ඩායමට දැකගත හැකිව තිබෙන්නේ තරමක් පැරණි විහාර ගොඩනැගිලි කිහිපයක් සහ දෙමහල් ගොඩනැගිල්ලකි. තව දුරටත් විමර්ශණය කිරීමේදී එම ගොඩනැගිල්ල මීට වසර දොලහකට පමණ පෙර ඉදිකරන ලද්දක් බවත් එය කලක් දේශපාලනයේ නියැලී සිටි බෞද්ධ ව්‍යාපාරිකයෙකු විසින් සගසතුකර පූජා කර තිබෙන බව එම ගොඩනැගිල්ලේ සමරු ඵලකයක සටහන්ව තිබෙනවා දැක ගැනීමට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් එම විමර්ෂණ කණ්ඩායම රජයේ ඉහළ බලධාරීන්ට දන්වා ඇති අතර එම ව්‍යාපාරිකයා පිළිබදවද තොරතුරු වාර්තා කරන ලෙස දන්වා තිබේ.

උසාවියේ සිදුවීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම සිරගතකර තැබීම සම්බන්ධයෙන් දේශපාලන හස්ථයක් ක්‍රියාත්මක වන බවට සැක මතුව ඇති බවට බෞද්ධ සංවිධාන කිහිපයක් විසින් ද චෝදනා කර තිබෙන අතර මෙලෙස එම ස්වාමීන්වහන්වහන්සේලාගේ විහාරස්ථානවල සගසතු දේපළවල තොරතුරු හාරා අවුස්සමින් සිදුකරන ක්‍රියාකාරකම්වලින් එම සැකය තහවුරු වන බවයි සංවිධාන ක්‍රියාකාරීන්ගේ මතය වී තිබෙන්නේ.

දැනට සිරගත කර තිබෙන ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, අක්මීමන දයාරතන හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මාගල්කන්දේ සුදත්ත හිමි වැනි ප්‍රමුඛතම පෙළේ සමාජ ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලා පසුගිය සමයේ පුණ පුණා පෙන්වා දුන් රටතුල හිස ඔසවමින් පවතින ඉස්ලාමීය අන්තවාදී තර්ජණය සහ පුත්තලම, කාත්තන්කුඩිය, අකුරණ ඇතුළු ප්‍රදේශවල ISIS ක්‍රියාකාරකම් පිළිබදවද ජාත්‍යන්තර බුද්ධි අංශ පවා වාර්තා කර තිබියදී ඒ පිළිබදව සොයා නොබලන රජයේ බලධාරීන් එම ස්වාමීන්වහන්සේලාගේ විහාරස්ථානවල සගසතු දේපළ පිළිබදව තොරතුරු හාරා ඇවිස්සීම ලැජ්ජාසහගත නිවට ක්‍රියාවක් බවයි ජාතික සංවිධාන ක්‍රියාකාරිකයන් පවසන්නේ.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

ආර්ථිකය වැටුණු නිසා මහින්ද බලය දමා පැන ගියා.. අපි ඇවිත් ආර්ථිකය හැදුවා – අගමැති කියයි

colombotoday

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

ගාලු මුවදොර කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක්

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday