Colombo Today Local News

13 වැනි සංශෝධනයේ ඇති ඉඩම්, පොලිස් බලතල දෙන්න බැහැ… විකල්ප ගැන කතා කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ‘ද හින්දු’ පුවත්පතට කියයි

13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා සදහා ඉඩම්, පොලිස් බලතල ලබාදීමට කටයුුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ඒ වෙනුවට වෙනත් විකල්ප පිළිබදව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ඒ පිළිබදව ජනාධිපතිතුමන් හින්දු පුවත්පත සමග පලකල අදහස් වැඩිදුරටත් පහත පරිදිය

ප‍්‍රශ්නය – පසුගිය සතියේ ආචාර්ය ජය සංකර් කොළඹට පැමිණි අවස්ථාවේදී දෙමළ ජනතාවට යුක්තිය සහ සමානාත්මතාව ඉටුවිය යුතු බවට ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කළා. මේ පිළිබඳව ඔබගේ ප‍්‍රතිචාරය කුමක්ද?
 
 පිළිතුර – මා විදේශ ඇමැතිතුමාට පැවසූ පරිදි ඒ පිළිබඳව මගේ දැක්ම නම් දෙමළ ජනතාවට සංවර්ධනය සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතුය යන්නයි.
 
 නිදහස සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව දැනටමත් ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ඇත. නමුත් මගේ පැහැදිලි අදහස අනුව ඔවුන්ට රැුකියා මගින් ධීවර සහ කෘෂිකර්මාන්තය මගින් සෘජු ප‍්‍රතිලාභ ලැබිය යුතුයි. අපට දේශපාලන ගැටලූ සාකච්ඡුා කළ හැකියි. පසුගිය අවුරුදු 70 තිස්සේම බලයට පත් සෑම නායකයකුම බලය බෙදීම, බලය බෙදීම, බලය බෙදීම ගැන පොරොන්දු දී සිටියද අවසානයේ සිදුවූ දෙයක් නොමැත. මා විශ්වාස කරන අනෙක් කාරණය නම් බහුතර ජනතාවගේ අභිලාෂයනට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවයි. බහුතර ජනතාවගේ කැමැත්තට පටහැනිව ලබා දෙන ඕනෑම පොරොන්දුවක් සත්‍යයෙන් තොරයි.
 
 උතුර දියුණු නොකරන්නැයි, ඔවුනට රැුකියා ලබා නොදිය යුතු යැයි යන්න කිසිම සිංහලයකුගේ අභිප‍්‍රාය නොවේ. නමුත් දේශපාලන ගැටලූ ඊට වඩා වෙනස්ය. මා කියන්නේ මගේ කතාවෙන් නොව අවුරුදු 05 පසුව උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳ මගේ ක‍්‍රියාවෙන් මා පිළිබඳ තීරණය කරන ලෙසයි.
 
 ප‍්‍රශ්නය – ඔබ කැපවී සිටින්නේ බලය බෙදා හැරීමකටද නැතිනම් 13 ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති දෙමළ බහුතර ප‍්‍රදේශවල ජනතාවගේ අයිතිවාසිකම් ගැනද?
 
 පිළිතුර – 13 වන සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක්. එය දැනටමත් ක‍්‍රියාත්මකයි. පොලිස් බලතල සහ තවත් සමහර බලතල ක‍්‍රියාත්මක කිරීම අපහසුයි. ඊට අදාළ කරගත හැකි විකල්ප පිළිබඳ සාකච්ඡුා කිරීමට මම කැමැතියි.

Related posts

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday