Colombo Today Local News

ගැබ් ගැනීම් වසරකින් පමා කරන්නැයි දොස්තරගේ ඉල්ලීමෙන් ගැබිනි මව්වරු ගබ්සා කරන්න අවසර ඉල්ලයි

කොවිඩ් වසංගත අවදානම යම්තාක් දුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් හැකිනම් වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කළ ඉල්ලීම වැරැදි ලෙස අර්ථකතනය කරගත් ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කරයි.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් එයත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තහවුරු කර තීබීම මත බවත් හෙතෙම පෙන්වාදේ.

ගර්භණී වී ඇති සියලුම මව්වරුන් අනියත බියක් ඇති කර ගතයුතු නොමැති අතර කොවිඩ් වෛරසය ආසාදනය වුවද ඉන් ඇතිවිය හැකි සංකූලතාවන් වළක්වා ගැනීමට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය යැයිද වෛද්‍ය ලැනරෝල් පෙන්වාදේ.

කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බව ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී නැති බවද වෛද්‍යවරයා කියයි.

මෙරට දී එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් මේ වන විටත් දරුවන් බිහිකර ඇත. එම දරුවන්ටද කිසිදු සංකූලතාවක් ඇතිව නැතැයිද හෙතෙම සඳහන් කරයි.

Related posts

හොරාගෙන් පේන අසා “අක්බර් විද්‍යාගාරය” පුවත අසත්‍යයක් ලෙස නම් කිරීමට විරෝධය දැක්වීම

colombotoday

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

colombotoday

මුස්ලිම් ජනතාව බදියුදීන්ට ගල් ගසා පන්නයි.. වාහන තුනකට හානි

colombotoday

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday