Colombo Today Local News

වහබ්-ජිහාඩ්වාදය ප්‍රවර්ධනය කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බර් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ වහබ් සහ ජිහාඩ් මතවාදය පැතිරවීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට පත් පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමති සංවිධානයේ හිටපු සභාපතිවරයා වන බවය.

අදාළ සැකකරු මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමේ දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ සමීපතම ඥාතියෙක් වන බව ට ද අනාවරණය වී තිබේ.

ජමාතේ ඉස්ලාම් සංවිධානය මඟින් පළ කරනු ලබන අල් හසනාත් නැමති සඟරාවෙහි වහබ් සහ ජිහාඩ් මතවාදය පිළිබඳ ලිපි අදාළ සැකකරු විසින් පළ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මාවනැල්ල, මුරතවෙල ප්‍රදේශයේ පදිංචි 60 රෂීඩ් හජ්ජුල් අක්බර් නැමැත්තතෙකි.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන රඳවා තබා ගැනීමට නියමිතය.

ජාතීන් අතර සමගිය නැති කිරීමට හා මුලධර්මවාදී අදහස් ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛතමයෙක් ලෙස සැකකරුව හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මොහු පිළිබඳව මීට ඉහතදී Colombo Today සිදුකල වාර්තා….

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

හජ්ජුල් අක්බර් මීට ඉහතදී ද අත්අඩංගුවට පත්විය

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

Related posts

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

ජනතාව ප්‍රතික්ශේප කළ අය විශ්‍රාම ගැනීම කලෝචිතයි “මම කීව දේ ඇහුවේ නෑ.. ඉල්ලන් කෑවා” – සජිත්

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin