Uncategorized

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජික සංගම්වල නියෝජිතයෝ අද (13) පස්වරුවේ රැස්වන බව එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.

විදුලිබල ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය පිළිබඳව පසුගිය දිනවල මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සහ වැඩබිම්වල සාමාජිකයන් දැනුවත් කිරීම ආදි වැඩසටහන් රැසක් ක්‍රියාත්ම කළ බව කී රංජන් ජයලාල් මහතා අලුත්ම තත්වය පිළිබඳ අද සාකච්ඡා කරන බව ද සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපළට ඊයේ රාත්‍රී පෞද්ගලික ගුවන් යානයකින් විදේශිකයන් පිරිසක් පැමිණ ඇති බවට දැනගන්නට තිබෙන බවත් එම පිරිස කුමන කාරණයක් සඳහා පැමිණියේ ද යන්න නිලවශයෙන් විස්තර නොමැති බවත් ජයලාල් මහතා වැඩි දුරටත් පවසයි.

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

ශ්‍රී ලංකාව බංගලාදේශය හමුවේ අන්ත අසරණ තත්වයක

colombotoday

තලෙයිබාන්වරු කාන්තාවන්ට තනිව ගමන් තහනම් කරයි

colombotoday

“පාදඩ මාධ්‍යකරුවන් සහ මිනීමරු සහෝදරයන් හිරේ යවනවා” හිරුණිකා හිරු රෑපවාහිනියට බැනවදී

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday