Colombo Today Local News

භික්ෂූන් මර්ධනය කර නෝර්වේ සැලසුමට අනුව රට ෆෙඩරල් කිරීමට ආණ්ඩුව සැරසෙනවා – ගම්මන්පිල

gammanpila 265

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ජූලි වර්ජකයෙකු වීමට වඩා කොටි ත්‍රස්තවාදියෙකු වීම හොඳය

ආණ්ඩුව තීරණය කරලා තියෙනවා 1980 ජූලි වර්ජකයින්ට ලබා දෙන දීමනාව නතර කරන්න. 1980 ජූලි වැඩ වර්ජනයට සහභාගී වූ වැඩ වර්ජකයන්ට 2013 ජනවාරි පලමුවෙනිදා ඉදන් අවුරුදු 65ට වැඩි ජූලි වැඩ වර්ජකයින්ට රු 5000ක දීමනාවක් අපේ ආණ්ඩුවෙන් ලබාදුන්නා.

2015 ජනවාරි 01 වෙනිදා සිට ඒ 5000සේ දීමනාව 6000 දක්වා වැඩිකරන්නටත් දීමනාවට සුදුසුකම් ලබන්නන් වයස අවුරුදු 63 දක්වා අඩු කරන්නටත්, වර්ජකයා මිය ගියහොත් ඔහුගේ හෝ ඇයගේ වැන්දබුවට එම දීමනාව ලැබෙන අයුරින් එම දීමනාවේ වපසරිය පුළුල්වීමක් සිදුවුනා.

මේ ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා ඒ දීමනාව නතර කරලා ඒවෙනුවට රුපියල් 250 000 දහසක එකවර ගෙවන දීමනාවක් ලබාදෙන්න. එම දීමනාව ලබාගනිද් දී ජූලි වර්ජකයන් අත්සන් කළ යුතුයි. අපි මීට පස්සෙ ආණ්ඩුවෙන් කිසිම දීමනාවක් නැවත ලබාගන්නෑ කියලා.

1980 ජූලි වැඩ වර්ජනය කරපු අවස්ථාවේ වත්මන් අගමැතිතුමන් ඇතුළු එජාපයේ නායකයෝ ජූලි වර්ජකයන් කනත්තට දක්කනව කියලා කිව්වේ. එතුමන්ලට කනත්තට දක්කකන්න බැරිවුනු පිරිස තමයි අද ඔය වයෝවෘද්ධව ඉන්නේ. ජූලි වර්ජනයට අදට අවුරුදු 36 වෙනවා. එහෙමනම්වසර 36කට පස්සෙත් එක්සත් ජාතික පක්ෂය සිය පළිගැනීම් අවසන් කර නැති බවයි ජූලි වර්ජකයන්ට අපි ලබාදුන් දීමනාව අහිමි කිරීමෙන් පෙනී යන්නේ.

ඒ අතරේ විග්නේශ්වරම් මහඇමතිවරයාගේ ඉල්ලීම මත හිටපු කොටි සමාජිකයන්ට ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 3000 ක දීමනාව රු 6000 දක්වා වැඩිකිරීමට සලකා බලමින් ඉන්නවා. දින හතක් වැඩවර්ජනය කිරීම අවුරුදු 37 රට දෙකඩ කිරීමට මිණීමරු යුද්ධයක් කිරීමට වඩා අපරාධයක්ද කියන ප්‍රශ්නය අපි මේ ආණ්ඩුවෙන් අහනවා.

මේ ආණ්ඩුව ජනතාවට කියන්නේ වැඩ වර්ජනය කලොත් මැරෙන තුරා පළිගන්නවා නමුත් ආයුධ අතට ගෙන අහිංසක මිනිසුන් මැරුවොත් මැරෙනතුරා බලාගන්නවා කියන එක නේද කියල අපි මේ ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේම රාජ්‍ය පරිපාලන ඇමතිතුමන් මේ අමානුෂීය තීන්දුව ගැනීමට හේතුව රට ඉදිරියේ තබාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

භික්ෂුන් වහන්සේලා සිරගත කරමින් ආණ්ඩුව සැරසෙන්නේ කුමකටද?

තමුන්නාසේලා දන්නවා මේ වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළුව භික්ෂුන්වහන්සේලා එකොළොස් නමක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා.අද අපේ රටේ අපරාධකරුවන් උසාවියට ගෙනාවම අපි දැක්කා ඇප ලබා ගැනිමට ඇති පහසුව. ඇබිලිපිටියේ සිද්ධියට සම්බන්ද පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්න කියලා උසාවිය නියෝග කරලා මාසයකට ආසන්න කාලයක් වෙනවා නමුත් තාම ඒ අය අත්අඩංගුවට අරගෙන නෑ. අත්අඩංගුවට ගත්තේ නැතත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙනත් ප්‍රශ්න කරනවා. පොලීසියට පැමිනිලත් ඒ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැති තත්වයක තමයි ඒ අය ඉන්නේ. ඒ වගේම අපි දන්නවා මහා අපරාධකරුවන්ට ක්ෂණිකව ඇප ලබා දීමට නීතිපති දෙපාර්තුමේන්තුවත් පොලීසියත් කටයුතු කරනවා.

ස්විමින්වහන්සේලා ඉතාම සංවේදි ප්‍රශ්නයකදී කලහාකාරි හැසිරිම් කියන කාරණයේ දී පොලීසිය, රජයේ නීතිඥයන් ඉතාමත් පහත් අයුරින් කටයුතු කිරීම පිළිබද අපගේ බලවත් කණගාටුව පලකරනවා. අද මේ සිද්ධියට සම්බන්ද භික්ෂුන් වහන්සේලා 10නම තැන්තුනක රදවලා තියෙන්නේ. හතර නමක් ඉන්නවා වැලිකඩ, තව හතර නමක් ඉන්නවා මිගමුවේ, තව දෙනමක් රදවලා තියෙන්නේ මහර. දායකයන්ට දානේ ටිකවත් අරගෙන යන්න බැරි වෙන්නයි රදවලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා කොළඹ අවට නැත්නම් ගාල්ල පැත්තේ නමුත් රදවලා තියෙන්නේ මිගමුවේ, මහර. සමාන්‍ය ක්‍රමය නම් උසාවියට ආසන්නම බන්ධනාගාරයක තමයි රදවලා තබන්නේ. එහෙනම් වැලිකඩ තමයි ආසන්ම බන්ධනාගාරය තියෙන්නේ. එහෙම තිබියදිත් මිගමුව මහර බන්ධනාගාර වල රදවා තැබිම තුළින් භික්ෂුන්වහන්සේලා ආණ්ඩුවට එරෙහිව නැගි සිටිමට එරෙහිව පාඩමක් ඉගැන්විමද කියන සධාරන සැකය අපිට ඇතිවෙලා තියෙනවා.

පුජ්‍ය අක්මිමන දයාරතන ස්වාමින්වහන්සේ උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවේ නීතිඥයෙක් විදිහට මමත් පෙනි සිටියා. ඊට ඉස්සෙල්ලා මම පොලීසියට කතා කරලා ඇහුවා ස්වාමින්වහන්සේට තියෙන චෝදනාව මොකක්ද කියලා. මම කිව්වා එතන හිටිය හැමෝම කිවිවා පුජ්‍ය අක්මිමන දයාරතන ස්වාමින්වහන්සේ කිසිම කලහා කාරි අයුරින් හැසිරුනේ නෑ උන්වහන්නේ පිරිස සමතයකට පත් කරන්න තමයි උත්සහ කළේ කියලා. නෑ මන්ත්‍රිතුමා අපි විඩියෝපට පරික්ෂා කරා විඩියෝපට පුරාවටම හමුදුරුවන්ගේ කලහා කාරි අයුරින් හැසිරුනේ නෑ. නමුත් ඥනසාර හමුදුරුවන් වාහනයට දාගෙන බන්ධනාගාරයට රැගෙන යන විට හමුදුරුවෝ අසල තිබුණු කසල බදුනක් පෙරලනවා. කසල බදුනක් පෙරලීම පොලීසියට අපහාස කීරිමක් කියලා පොලීසිය හිතනවා නම් පාරේ ඉන්න හරක්, බල්ලෝ සියළු දෙනාම කුදලගෙන ගිහින්ලා උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ උසාවියට උපහාස කලා කියලා. භික්ෂු මර්ධනය ආණ්ඩුවේ මුලික අවශ්‍යතාවයක්. ඉදිරියේ දී එන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ඓතිහාසිකව නැගි ඉදලා තියෙන්නේ භික්ෂුන්වහන්සේලා.

නොර්වේ ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ කරපු පරික්ෂණයක දී කියනවා 1958 සිට මේ දක්වා රට ෆෙඩරල් කිරීමේ ව්‍යපෘති අසාර්ථක වුණේ භික්ෂුන්වහන්සේලා නිසා කියලා. ඊට කලින් අපි පෙන්වලා දුන්නා ජෝන් ඩොයිලි කියනවා. මේ රට බිත්‍රන්‍යයට යටත් කර ගන්න බැරි කහ රෙදි පොරවා ගත් හමුදාවක් ඉන්න නිසායි කියලා. මේ අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගන්න නම්, ECTA ගිවිසුම හදාගන්න නම්, ඉන්දියාවේ යටත් විජිතයක් විදිහට ශ්‍රිලංකාව පත්කරන ආණ්ඩුවේ ක්‍රියාවලිය සම්පුර්ණ කර ගන්න නම් ඉස්සේල්ලාම මර්ධනය කර යුත්තේ භික්ෂුන් වහන්සේලා. එක නිසා තමයි පදනම් විරහිත චෝදනා නගමින් භික්ෂුන් වහන්සේලා උසාවියට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාරය තුලත් හිරිහැර කරන්නේ. ආණ්ඩුවේ මේ ක්‍රියාවලිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි වගන්තියට පටහැනියි. ඒනිසා මේ භික්ෂුවහන්සේලාගේ මුලික අයිතිවාසිකම් කඩවිම සම්බන්දයෙන් නඩු පැවරිමට දැනටමත් දේශප්‍රේමි නීතිඥයන් පිරිසක් කටයුතු කරමින් පවතිනවා. අපිත් ඒ කාරණයට සම්පුර්ණයෙන් සහයෝගය දෙමින් භික්ෂුන්වහන්සේලා මර්ධනය වෙනුවෙන් මේ ආණ්ඩුව ගෙන යන පහත් පිළිවෙත ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේදී අපි ගෙනහැර දක්වන්න මේ මුලික අයිතිවාසිකම් නඩු වලදී අපි බලාපොරොත්තුවෙනවා.

මහින්ද මැතිතුමන්ට බනින සන්ධාන ඇමතිලාට උදයගෙන් අභියෝගයක්

මේ දවස්වල අපි දැක්ක අළුත් විලාසිතාවක් ආණ්ඩුවේ ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මහා වාග් ප්‍රහාරයන් එල්ල කරනවා. ඒ වාග් ප්‍රහාර එල්ලකරන ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මල්ටිබැරල් රොකට් ප්‍රහාර එල්ල කරන ගමන් අපේ පැත්තටත් පුංචි වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. මේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට රොකට් ප්‍රහාර එල්ල කරන ශ්‍රීලනීප ඇමතිවරුන්ගේ මහා පොදු සාධකය මොකක්ද? මේ කිසිවෙකුට ජන වරමක් නෑ. මේ සියළු දෙනාම මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ගේ අනුකම්පාව මතඇමති දූර ගත් අය. ගෙදරක සුරතලයට බලු පැටියෙක් ඇතිකරන විට බලු පැටියට මස්කට්ටක් දෙන කෙනා ඉජු ඉජු කිව්වම වල්ගය වනන්න ඕනි. උසි උසි කිව්වම බුරාගෙන පනින්න ඕනි. නැත්නම් ආයේ මස් කටු හම්බවෙන් නෑ. ඉතින් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මස්කටු සූප්පුකරන බළුපැටවුන්ගේ තත්වයට පත්වීම ගැන අපට මහත් කම්පාවක් තියෙනවා.

අපි ඒ ඇමතිවරුන්ට පුංචි අභියෝගයක් කරන්න කැමතියි. ඔබතුමන්ලා හුදකලා කාමරවල මාධ්‍ය හමු පවත්වමින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැන කියන දේවල් පුළුවන්නම් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් කැඳවා ඒ රැස්වීම් වල කියන්න එදාට ජනතා ප්‍රතිචාර කොහොමද කියල මේ ඇමතිවරුන්ට බලාගන්න පුළුවන් වෙයි.

– අරවින්ද අතුකෝරල

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

කලාවැව ජලාශයෙත් වාන් දොරටු ඇරේ…

Admin

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු කොවිඩ් නිසා වැසෙයි

colombotoday

දීන වෙලා නිහීන වෙලා සම්බන්ධන්ට, බදුර්දීන්ට,හකීම්ට ඕන විදිහට ජනාධිපති අපේක්ෂකයා තෝරනවා

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

වැල්ලව පොලිසිය තාවකාලිකව වසයි

colombotoday