Colombo Today Local NewsHot News

මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්න

eknaligoda 54454

ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැගිලොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.

ඇත්තටම මේ ප්‍රගීත් එක්නැලිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්රිගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යවේදියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.

ජාත්‍යන්තර වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්‍රයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවන බවයි.

සඳුන් ජයසේකර මාධ්‍යවේදියෙකු සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්‍රශ්නකර සිටින්නේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු වූයේ කෙසේද යන්නයි.

ප්‍රගීත් එක්නැලිගොඩ කිසිදු දිනක පුවත් කතෘකෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්‍යයක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි.

එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්‍රිතාන්‍යයයන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින.

eknaligoda03

සිංහලේ රාජ්‍යයේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දීමට මූලිකත්වය ගන්නේ එක්නැලිගොඩ මොහොට්ටාලය. 1815 පෙබරවාරි 18 වැනිදා  රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන්ට අල්ලා දී වසර 2357ක් අවිඡින්නව අඛන්ඩව රැකගෙන ආ සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමේ අභාග්‍යසම්පන්න ඉරණමට මේ රට පත්කිරීමට මේ එක්නැලිගොඩලා උරදි කටයුතු කළ පුද්ගලයන්ය.

මැද මහනුවර ගල්ලැහැවත්තේ සැගවී සිටි රාජසිංහ රජු අල්ලාගත් කණ්ඩායම මෙහෙයවූයේ එක්නැලිගොඩය. එක්නැලිගොඩ මොහොට්ටාල සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කත රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය. රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටි ආරච්චිව සියතින්ම මරා දැමූ මෙම ද්‍රෝහියා රජු අල්ලාගෙන බ්‍රිතාන්‍යයන්ට භාරදුන් පසුත් ඔවුන් ඉදිරිපිටම රජුට අතින් පයින් පහරදීමට තරම් නරුමයෙකු විය. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්‍රිතාන්‍යයන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.

ඉංග්‍රීසීන්ට කළ සේවය අගයා මඩවල, මැද්දේගම ගම් සහිතව සතර කෝරළයේ මඩිහේ මුහන්දිරම් තනතුරින්ද එක්නැලිගොඩ පිදුම් ලැබීය. සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පාවාදීමෙන් නොනැවතුණු එක්නැලිගොඩ 1818 උඩරට මහ කැරැල්ලේදී ඉංග්‍රීසීන් වෙනුවේන් සේවය කරමින් ඌවේ වැසියන්ට හිරිහැර කරමින්, ගේවල් ගිනි තබනවා පමණක් නොව හිතූ මනාපයට ස්වදේශික වැසියන් මරා දැමීමට පවා කටයුතු කළහ. මේ සේවය වෙනුවෙන් 1829 ජනවාරි 29 ප්‍රකාශ පත්‍රයෙන් ආණ්ඩුකාර රොබර් බ්‍රවුන්රිග් සබරගමුවේ හිරමඩගම ගම්වරයද එක්නැළිගොඩට පිරිනමා ඇත.

ඉතිහාසය එපරිදිය. ඒ එදා එක්නැලිගොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමයක් නොවනු ඇත.

මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්‍රශ්න කරයි.

1. ප්‍රගීත් එක්නැලිගොඩව මාධ්‍යවේදියෙකු බවට පත් කලේ කවුද?

2. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්‍යවේදියෙකු බවට හැඳින්වූයේ ඇයි?

3. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?

4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්‍රය ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?

5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්‍රියාත්මක විමට ඇති යාන්ත්‍රණය කුමක්ද?

6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ප්‍රසිද්ධියකට පත් කර නොමැත.

7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ ප්‍රගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යවේදියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.

8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින් ප්‍රගීත් එක්නැලිගොඩ සත්‍යවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.

eknaligoda 02

එක්නැලිගොඩ බිරියගේ සාවද්‍ය ප්‍රකාශ

වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරණය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත. පසුගිය අගෝස්තුවේදී රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් ජිනීවා නුවරට ගිය එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍ය එක්නැලිගොඩ නමැත්තිය රජයේ හමුදාව රසායනික අවි භාවිතා කරමින් දමිළ වැසියන් සමූල ඝාතනය කළ බව ප්‍රකාශ කළාය. මෙය රාජ්‍ය ද්‍රෝහී සාවද්‍ය ප්‍රකාශයකි. නමුත් ඇයට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.

එක්නැලිගොඩගේ LTTE සබදතා

kavendran77
සාම්පූර් කොටි බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ තවෙන්ද්‍රන්

LTTE බුද්ධි අංශ සාමාජිකයෙකු වූ තවෙන්ද්‍රන් සමග ගනුදෙනු කල ප්‍රගීත් එක්නැලිගොඩ පෙනී සිටියේ “ප්‍රදීප් රන්ජිත්” යන අන්වර්ථ නාමයෙනි. තවෙන්ද්‍රන් යුද හමුදාවට බාර වීමෙන් පසුව හමුදා බුද්ධි අංශයේ ඔත්තු කරුවකු ලෙස කටයුතු කළ අතර ඒ බව නොදැන ප්‍රගීත් නොහොත් රන්ජිත් තවෙන්ද්‍රන් සමග දිගු කලක් කටයුතු කර ඇත.එමගින් 2009 පසු LTTE රහස් බොහොමයක් හා පුද්ගලයින් රැසක් හඳුනා ගැනීමට හමුදා බුද්ධි අංශ සමත් වී ඇත. අවසානයේදී මේ බව දැනගත් එක්නැලිගොඩ ව්‍යාජ නාමයකින්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් සාදාගෙන රටින් පිටව ගොස් ඇති බවට සැක පල කෙරේ.  (ගිරිතලේ බුද්ධි කදවුර කෙන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වූ “ඔපරේෂන් ඩබල් ඒජ්” මෙහෙයුම හරහා එක්නැලිගොඩගේ කොටි සබදකම් සියල්ල හෙළිකරගෙන හමාරය)

බුද්ධි අංශ සතු එක්නැලිගොඩගේ රහස් හඩපට

ප්‍රදීප් රංජිත් නමැත්තා කොටි සංවිධානයෙන් මාසිකව ලද වැටුපකට සේවය කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර කොළඹදී සිදු කරන ලද බොහෝ කොටි ක්‍රියාකාරකම් වලට ඔහුගේ සහය ලැබී ඇත. ප්‍රදීප් රංජිත් නොහොත් ප්‍රගීත් එක්නැලිගොඩ කොටි බුද්ධි අංශ සාමාජික තවෙන්ද්‍රන් සමග ප්‍රභූ ඝාතනයක් සදහා සැළසුම් කරන රහස් හඩපටයක් බුද්ධි අංශ විසින් හොයාගන්නේ මෙම පරීක්ෂණ අතරතුරය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගමන් ගන්නා මිහින් ලංකා ගුවන් යානයකට මීගමුවේ නිවසක සැගවූ ගුවන් යානා නාශක මිසයිලයකින් පහරදී ඝාතනය කිරීමට කරන කතාබහක් එම හඩපටයේ ඇති බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව මාධ්‍යයේ පළවිය. එම හඩ පටය බව දැක්වෙන හඩපටයක් සමාජජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.  පහතින් දැක්වෙන්නේ එම හඩපටයයි.

ප්‍රදීප් රංජිත් හෙවත් එක්නැලිගොඩ නැමැති සිංහල කොටියා ජනපතිවරයා ඇතුළු 200ක පිරිසක් ඝාතනය කර එකී ඝාතනයට එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා හෝ ඇමති චම්පික රණවක පැටලවීමට සැළසුම් කරන අයුරු එහි දැක්වේ.  මෙය අතිශයින් භයානක සැලසුමකි. මන්ද මන්ද මෙහිදී සිදු කෙරෙන්නේ රටට සාමය ගෙන දීමට කටයුතු කළා වූ දේශපාලන නායකත්වය සහ යුද නායකත්වය එකවර වනසා දැමීමට කරනු ලබන කුමන්ත්‍රණයක්‌ වන නිසාය. මෙමගින් ඔහු එකවර රජ කුරුල්ලන් කිහිප දෙනෙකුගේම ගෙල සිදලිමේ කර්තව්‍යක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

දැන් සියල්ල හෙළි වී ඇත. එක්නැලිගොඩ රටින් පැනයාමේ උච්චතම අවස්තාව ලෙස මෙම හඬපටය හදුන්වා දිය හැක. බුරුව කුට්ටමේ තුරුම්බු කොළ සොයා ගහපු බුරුවන්ට හාරත පොරව පාරක් වැදී ඇත. දැන් ඉතින් තුරුම්බු සොයා පලක් නොමැත. සියලු තුරුම්බු පිටියේය.

 

Related posts

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීම: ඥානසාර හිමිට එරෙහි නඩුවේදී සුමන්තිරන්ගේ ඉල්ලීමට ඉඩ

colombotoday

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

තලවාකැලේදී පාසල් සිසුවෙකුට පහරදී, අතේ “ටැමිල්“ කියා උල් කටුවකින් කොටලා..

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

ෆේස්බුක් තහනමට විරෝධය දක්වා ඇමරිකානු තානිපතිගෙන් පණිවිඩයක්.. විදේශ රටවලුත් විරෝධය දක්වයි..!

colombotoday