Colombo Today Local News

“අලුත් සංවිධායකවරු පත්කිරීම අතීසාරයට අඹුඩ ගැසීමක්.. ශ්‍රීලනිපයට දෙයියන්ගෙම පිහිටයි” – දිලුම් අමුණුගම

z_p01-crisis

“මේ අවස්ථාවෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න හඬක් නගපු නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිව සංවිධායකකම්වලින්අයින් කරලා, එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල්වෙලා කැරලි ගහන කන්ඩායමක් දැන් නිලතලවලට පත් කරගෙන යනවා. මේ විදිහට ජනතාව ප්‍රතික්ෂේප කරපු අය නිලතලවලට දාල ඉදිරි මැතිවරණයකට ගියාම ඒ මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂය දිනවීමේ වැඩපිළිවෙළක පෙරනිමිත්තක් හැටියට නව ආසන සංවිධායකවරුන් පත් කරල තියෙන්නෙ. මේ විදිහට ගියාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මැතිවරණයකදි ජයග්‍රහණය කරන්න බැරි වෙනවා” යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම පිළබදව අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි. නව පත්කිරීම් සමග දිලුම් අමුණුගම මහතාට තමන් මෙතෙක් දැරූ ආසන සංවිධායක ධුරය අහිමිවී තිබේ.

“අපි හැමවෙලාවෙම හඬක් නැගුවෙ ඉදිරි මැතිවරණයකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයජයග්‍රහණය කරවන්නෙ කොහොමද කියලා. ජනතාව මහින්ද රාජපක්ෂ මහත්තයව ඉල්ලන නිසා අපි කිවුවෙ මහින්ද මහත්තයවත් මේ වැඩේට හවුල් කරගන්න කියල‍. ඒක කිව්වම සංවිධායකකම් දරපු අපිව අයින් කරලා මහමැතිවරණයෙන් පරාද වෙච්ච අය සංවිධායකවරුන් හැටියට පත් කිරිම ‘අතීසාරයට අමුඩෙ ගහනව වගේ’වැඩක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙයියන්ගේම පිහිටයි”යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

Admin

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

LTTE සාමාජික තිලීපන් සිහිකරන්න ගිය සිවාජලිංගම් අත්අඩංගුවට

colombotoday