Colombo Today Local News

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (12) සවස අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය සඳහන් කරයි.

ඊයේ දිනයේ සිසුවියන් දෙදෙනෙකු උදෑසන පාලසට එමින් සිටියදී මොටර් රථයක සිටි පුද්ගලයෙකු ඇඳ සිටි කලිසම පහත් කර ඔවුන් දෙදෙනාට නිරුවත පෙන්වා ඇති බවට අදාල පාසලේ විදුහල්පතිනිය විසින් ලබා දුන් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ප්‍රදේශයේ සී.සී.ටී.වී.දර්ශන පරික්ෂා කිරීමෙන් පසු අදාල මෝටර් රථය සොයාගෙන ඇති අතර එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරියගේ නිල රථය බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.

එම රථයේ රියදුරා වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් බඩුත් එක්ක අල්ලයි

Admin

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday