World

කොවිඩ් වෛරසයේ මූලාරම්භය සෙවීමට නව කමිටුවක්

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් විමර්ශන කමිටුවක් නම්කර තිබේ.

එය කමිටුව සාමාජිකයින් 26දෙනෙකුගෙන් සමන්විත වන අතර නම් කර ඇත්තේ සේගෝ (Sago) ලෙසය.

කොවිඩ් වෛරසය වූහාන් හි සත්ත්ව මාංශ වෙළෙඳපොළකදී සතුන්ගෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය වූවාද, නැත්නම් වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවාද යන අනුමාන දෙකක් යටතේ එම කමිටුව පර්යේෂණ සිදුකරනු ඇත.

මීට පෙරද ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක් විමර්ශන කමිටුවක් වූහාන් වෙත පැමිණ විමර්ශනවල නිරතවූ අතර එහිදී අනාවරණය වුණේ වෛරසය කිසිසේත් විද්‍යාගාරයකින් කාන්දුවීමේ ඉඩක් නොමැති බවය.

කෙසේ වෙතත් නිසි නිගමනයකට පැමිණීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැතැයි ඉන් අනතුරුව ලෝක සෞඛ්‍ය ප්‍රධානියා පැවසුවේය.

නව කමිටුව සැලකෙන්නේ වසංගතයේ මූලාරම්භය සෙවීම සම්බන්ධයෙන් ඇති අවසන් අවස්ථාව ලෙසය.

කොවිඩ් ගෝලීය වසංගතය පිළිබඳ පළමුවරට අනාවරණය වී මේ වන විට දෙවසරකට ආසන්න කාලයක් ගතවී තිබේ.

ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තාවුණේ චීනයේ වූහාන් නගරයෙනි.

කෙසේ වෙතත් තවමත් එහි මූලාරම්භය සම්බන්ධයෙන් නිශ්චිත හඳුනාගැනීමක් සිදුකර නොමැති අතර තවමත් ඇත්තේ ඒ පිළිබඳ න්‍යායාත්මක කරුණු පැහැදිලිකිරීම් පමණය.

Related posts

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

Admin

ජනපති සටනෙන් පැරදුන ට්‍රම්ප්ට බිරිඳත් අහිමිවෙයි..

colombotoday

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධීව ඇතුල්වීම වැලැක්වීමට ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකරයි

colombotoday