Articles

ලොව පළමු නිවේදක භික්ෂුව වීමේ වරම් ලැබූ කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ

ශ්‍රි ලාංකීය සාහිත්‍ය හා ගීත කලාව පෝෂණය කිරීමෙහිලා අතීත භික්ෂුන් වහන්සේගෙන් ලද දායකත්වය ඉමහත්ය.තොටගමුවේ රාහුල හිමියන් අතින් රචනා වු සංදේශ කාව්‍ය හා ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් අතින් ලියවුණු කවි නිර්මාණ අදටද මුතුකැට වන්ය. ආදර්ශවත්ය. නිර්මාණශීලිය. වර්ථමානයේද එවැනි යතිවරයාණන් වහන්සේලා අල්ප වු පිරිසක් තවමත් අපේ ගීත කලාව පෝෂණය කිරීමේ මෙහෙවරෙහි යෙදි සිටිති.

එවැනි ගීත රචකයෙකු, කවි , නිසදැස් නිර්මාණකරුවෙකු සේම දක්ෂ නිවේදකයෙකු මෙන්ම විචිත්‍ර ධර්ම කථිකයෙකු ද වන තරුණ යතිවරයාණන් වහන්සේ නමක් පසුගියදා අපට හමු විය. උන්වහන්සේ අන් කිසිවකුත් නොව හිඹුටු කැලේ ළමා ගීත එකතුව හා ගුවන් විදුලියේ හඳමාමා වැඩ සටහන තුළින් ජනාදරයට පත්වු පුජ්‍ය කොඩිකාරගොඩ සුනීත ස්වාමින් වහන්සේය. ලොව බිහිවු එකම නිවේදක භික්ෂුන් වහන්සේ වීමේ භාග්‍යද පසුගියදා උන්වහන්සේට හිමි විය.

මම ඉපදුණේ 1982 වර්ෂයේ ජනවාරි 02දින මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ආසනේ මොරවක කොඩිකාරගොඩ කියන කුඩා ගමේ. අම්මා තේ දළු නෙලන්නියක් ලෙස කටයුතු කලා. තාත්තා මේසන් බාස් කෙනෙක් විදියට තමයි වැඩ කලේ. මගේ මුල්ම පාසල උනේ මාර/රඹුකන කොඩිකාරගොඩ කිණිටු විදුහල. මට අවුරුදු 12 දී ඒ කියන්නේ 2004 දී මම පැවිදි වුනා. පැවිදි වීමෙන් පසු මතුගම හොරවල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙන් හා පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙන් මුලික දහම් අධ්‍යාපනය ලැබුවා. උසස් අධ්‍යාපනය සදහා ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණට මා ඇතුලත් වුනා. පසුව ශ්‍රිලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත්තා. මේ දවස්වල දර්ශණපති උපාධිය සදහා සුදානම් වෙනවා. අංකුර මතුවෙමින් තිබු මගේ කලා ජීවිතය ඔපවත් කරගැනිමට මට උපස්තම්භකයක් උනේ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතනය. 2001 වර්ෂයේ මා උසස් පෙළහදාරන විට විද්‍යායතනය තුළ මාධ්‍ය ඒකකයක් පිහිටුවලා එහි නිවේදක ලෙසත් මා කටයුතු කලා. උසස් පෙළ ලියලා මා ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදෑරුවා. එහිදි මගේ ලොකු හාමුදුරුවෝ ඇහුවා ඕවා කරන්නේ සිවුරු අරින්නද කියලා. මන් නෑ කිවුවට ලොකු හාමුදුරුවෝ ඒක පිළිගත්තේ නෑ. ජනමාධ්‍යෙව්දී ඩිප්ලෝමාවෙන් පස්සේ මම 2004 වර්ෂයේදී ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාවේ කටහඬ පරීක්ෂණයකට සහභාගි වුණා. එහිදී අභාවප්‍රාප්ත තිස්ස ජයවර්ධන මහතා කටහඬ නම් හොදයි. සිවුරු ඇරියොත් නිවේදකයෙක් විදියට වැඩ කරන්න පුළුවන් කිව්වා. නමුත් මට ඕන උනේ නෑ සිවුරු ඇරලා නිවේදකයෙකු වෙන්න. මහණකමත් බණ දහමත් රැකගෙන එම කටයුත්ත කරන්නයි මට ඕන උනේ. නමුත් මගේ බලාපොරොත්තුව නැති වුනේ නෑ.පන්සල් වල තිබුණ විවිධ ආගමික උත්සව මෙහෙය වීම මා දිගටම කරගෙන ගියා. ඊට අමතරව පත්තර වලට කවි, නිසදැස්, විවිධ තීරු ලිපි ලිව්වා. නිකන් ඉන්න හැම මොහොතකම කවියක් සිංදුවක් ලිව්වා. ගුවන් විදුලියේ විකාශය වු හඳමාමා වැඩසටහනට දිගටම ගියා. හැමදාම ළමයින්ට පුංචි කතාවක් කියලා දෙන්න මට අවස්ථාව හිමි උනා. සුමනා ජයතිලක මහත්මිය, ලැම්බට්පෙම්වමාවඩු, ජුඩ් අයිවන් යන මහත් වරු මට ඒ සදහා විශාල සහායක් දුන්නා. යැයි උන්වහන්සේ අපත් සමග පැවසීය.

වැඩිදුරටත් තමන් වහන්සේ ආ ගමන් මග පිළිබදව මෙසේ විස්තර කලේය.

මන් උපාධි කටයුතු ඉවර වෙලා පන්සලේ ඉන්නගමන් ගුවන් විදුලි අායතන කිහිපයකටම අයදුම් පත් යැව්වා. එහිදීරංගිරි ශ්‍රිලංකා ගුවන් විදුලියෙන් මාව තොරා ගත්තා. නමුත් ඒ කාලේ වෙනකොට මන් හිටියේ පාදුක්කේ. ඉරිදා දහම්පාසලට හැමදාම පාදුක්කට වඩින්න ඔින. ඉතින් පාදුක්කේ ඉදන් දඹුල්ලේ නිතර යන්න එන්න බැරි නිසා ටික කාලෙකින් පස්සේ රංගිරි ශ්‍රිලංකා ගුවන් විදුලියට යන එක නතර වුනා. පසුව මට බෞද්ධයා ගුවන් විදුලියේ වැඩ කරන්න අවස්ථාවක් හිමි වුණා. වසර එක හමාරක් පමණ මා එහි සේවය කලා. එහිදී මා වැඩ සටහන් කිහිපයක්ම නිෂ්පාදනය කරලා එය ඉදිරිපත් කිරීම් කලා. ඊට අමතරව පුර්ව ප්‍රචාරක පට සඳහා පිටපත් ලිවිම හා හඬ කැවීමත් සිදු කලා. බෞද්ධයා ගුවන් විදුලියේ සේවය කරන විට තමයි මා මුල්ම බාහිර සජීවී වැඩසටහන ඉදිරිපත් කලේ. ඒ 2010 වර්ෂයේ පොසොන් පොහොයදා අනුරාධපුර නව නගරයේ තියෙන වික්‍රමශිලා බෞද්ධ මධ්‍යස්ථානයේ සිට. ඒක මගේ ජීවිතයේ අමතක නොවන සිදු වීමක්. 2010 වර්ෂයේදී මා රාජ්‍ය සේවයට එක්ව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයට සම්බන්ධ වෙලා කටයුතු කලා. කලක් එහි සේවය කර මා ගුරු සේවයට බැදුනා. ඒ අනුව අද මොරටුව වෙල්ස් කුමර විදුහලේ ගුරුවරයෙකු ලෙස මා සේවය කරනවා. මට අදාල විෂයන් දෙකට අමතරව ලැබෙන සෑම මොහොතකම මා පාසැල් දුවා දරුවන් කලාවට යොමු කීරීමට අවශ්‍ය මග පෙන්වීම් කරනවා. මේ රටට බිහි කරන්න ඕනේ ගුණධර්ම වලින් පිරිපුන් දරු පිරිසක් මිසක් රොබෝලා වගේ ලමයි පිරිසක් නෙමෙයි. ඒ වෙනුවෙන් මට පුළුවන් හැම සේවාවක්ම කරනවා.ඒකයි මම ළමයි වෙනුවෙන් සිංදු ලියන්න පටන් ගත්තේ. දෙරණ ලිටිල් ස්ටාර් තරඟයෙන් ජය ලැබූ හිමාෂ මනුප්‍රිය දිසානායක, ඔෂානි සංදීපා, පසිඳු සචින්ත අාදී ළමා ගායක ගායිකාවන්ට කුළුඳුල් ළමා ගීතය ලියල දුන්නෙ මම.  යැයි උන්වහන්සේ අපත් සමග පැවසීය.

විවිධ ගුවන් විදුලි නාලිකාවල සම්පත් දායකයෙකු ලෙස සම්බන්ධ වෙමින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කල කොඩිකාරගොඩ සුනීත හිමියන්ට පසුගිය පොහෝ දින සිට ලොව ප්‍රථම නිවේදක භික්ෂුව වීමේ අවස්ථාව හිමිවිය. ඒ චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ පොහෝදින ආගමික වැඩ සටහන් මෙහෙයවන්නා ලෙසයි. ඒ අනුව නවම් පොහෝ දින සිට සෑම පොහොය දිනකම චින ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උන්වහ්සේගේ හඩ කාටත් අසන්නට පුළුවනි. මීට අමතරව ඉදිරියේදි තවත් ආගමික වැඩසටහන් කිහිපයක්ම නිෂ්පාදනය කිරීමටත් උන්වහන්සේ බලාපොරොත්තුවෙන් සිටින බවද අපත් සමග පැවසිය. ඉතා නිරහන්කාර චරිතයක් වු මේ යතිවරයාණන් වහන්සේ අතින් ලියවුණු ළමා ගිත,විවිධ තේමා ගිත,මවුගුණ හා පියගුණ ගීත අදටත් අපට ගුවන් විදුලි හරහා අසන්නට ලැබෙයි.2010 වර්ෂයේ පැවති ජාතික නිදහස් දින උළෙලේ තේමා ගීතය, දැයට කිරුළ තේමා ගිතය,පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තේමා ගීතය, පාදුක්ක වාර්ෂික ප්‍රාදේශීය කලා උලෙලේ තේමා ගීතය හා උඩගම කණිටු විදුහලේ පාසල් ගීතයද උන්වහන්සේ අතින් ලියවුණු ඒවාය.

මේ තරුණ යතිවරයාණන් අතින් බිහිවු නිරිමාණ විවිධ අවස්ථාවන්හි ඇගයිමට ලක්විය.ඒ අතර සීතාවක අස්වැද්දුම් කලා උළෙලේ මෙතෙක් ලැබු සම්මාන ලාභීන් අතර ලාබාලතම සම්මාන ලාභියා වීමේ වරමද හිමි වුයේ උන්වහන්සේටය. උන්වහන්සේ අතින් ලියවු ගිත සමුජ්චයක් හිඹුටු කැලේ නමින් එළිදැක් වුණි.එමෙන්ම 2009 වර්ෂයේදි ජයලත් මනෝරත්නයන්ගේ සහාය ඇතිව ලියන ලද නාට්‍ය පිටපත උන්වහන්සේගේම අධ්‍යක්ෂනයෙන් යුතුව අත්තම්මා නමින් වේදිකා ගත විය.එමෙන්මසොමරත්නදිසානායකයන්ගේසිරිරජසිරි චිත්‍ර පටියේ ස්කෝලේ හාමුදුරුවන්ගේ චරිතයටද පන පොවන්නට මේ යතිවරයාණන්ට හැකි වුයේ උන්වහන්සේගේ තිබු කැපවිම හා උනන්දුව නිසාමය.උන්වහන්සේ නිතරම කියන එක කතාවක් නම් මන් නිතරම උත්සාහ කරන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි.මට පුළුවන් උපරිමයෙන් මේ කලාව පෝෂණය කිරිමයි යනුවෙනි.

තමන් වහන්සේට මේ ගමන එන්නට උදව් කල අයද සිහිපත් කිරිමට උන්වහන්සේ අමතක නොකලේය.ඒ අනුව මාධ්‍ය ජීවිතයට පන්නරයක් වූ සුමනා ජයතිලක නැන්දා සහ අස්ත්‍රික චන්ද්‍රසෝම අයියා (ගුවන් විදුලි සංස්ථාව) ඉන්දුමතී කොඩිතුවක්කු අක්කා (ලක් හඬ) සහ එඩ්වින් ආරියදාස ගුරුතුමා රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ සහ අපවත් වී වදාල විලගම ජිනරතන ලොකු හාමුදුරුවන්වත් ආදරයෙන් සිහිපත් කරනවා සේම විශේෂයෙන්ම ගුවන් විදුලියේ හඳමාමා වැඩසටහනෙන් ලබපු පන්නරය නිසා තමයි මාත් අද මෙතන ඉන්නේ. ඒ වගේම පුංචි කාලේ ඉදලම මා මේ තත්වයට එනතුරුම මා පිටු පසින් මට ශක්තියක් වු පිරිස බොහෝයි. එකවසරේ සිට ෙම් දක්වා ගුරු හරුකම් දීපු පැවිදි සහ ගිහි ගුරු දෙමාපියන් ආදරයෙන් පිහිපත්කලයුතු යැයි උන්වහන්සේ පැවසිය.

සටහන සුරියවැව නුවන් ජයසේකර

Related posts

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

මැදපෙරදිගට වහල් ශ්‍රමය විකුණා ආර්ථිකය ගොඩ ගත හැකිද?

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

දරුවන් මතට යොමු කරන බිග් මැච්

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday