Colombo Today Local News

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම බකංනිලාගෙන ඉඳලා

kalaniya

අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට සම්බන්ධ බියගම විදුලි ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කළ යුතු බවට එය බාර ප්‍රධාන ඉංජිනේරුවරයා විදුලි බල මණ්‌ඩල සාමාන්‍යාධිකාරිවරයාට මීට වසරකට පෙර කළ දැනුම්දීම නොතකා හැරීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.විදුලිබල මණ්‌ඩල සාමාන්‍යාධිකාරිවරයා බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම ගතයුතුව තිබූ පියවර නොගැනීම පිළිබඳව ඊයේ (16 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද විශේෂ අවධානයකට ලක්‌කරමින් සාකච්ඡාවට බඳුන්කර තිබේ.

මෙම ට්‍රාන්ස්ෆෝමරයට අමතරව තිබූ ආදේශක ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියාවට යොමුකර තිබූ බවට අමාත්‍යාංශය ප්‍රකාශ කළද විදුලිබල මණ්‌ඩලය සාමාන්‍යාධිකාරිවරයා නිසි පරිදි ඒ සම්බන්ධව කටයුතු කර ඇතිදැයි කථා බහට ලක්‌ව ඇත.

සති දෙකක්‌ වැනි කාලයක්‌ තුළ දෙවැනි වතාවටත් රටපුරා විදුලිය බිඳ වැටීම, එය යථා තත්ත්වයට පත්කිරීමට ගතවූ කාලය හා නොරොච්චෝල බලාගාරය අක්‍රීයවීම ආදි කාරණා සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් කෝප් කමිටුව හමුවටද කැඳවා තිබේ.

විදුලි බල මණ්‌ඩලයේ සභාපති අනුර විඡේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අදාළ ට්‍රාන්ස්ෆෝමරය වසර 30 කට වඩා පැරණි බවත් ඊට අදාළ සියලු වාර්තා ඉක්‌මනින් ලබාගනිමින් පරීක්‍ෂණ සිදුකරන බවත්ය.

මේ අතර හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට පත්කළ කමිටු වාර්තාව මෙම මස 22 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ මෙම කමිටුවට රජයේ ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන මහත්වරු ඇතුළත් වෙති. හදිසි විදුලි බිඳවැටීම් වලට මුහුණ දීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් මෙම කමිටුව මගින් ඉදිරිපත් කර තිබේ.

මේ අතර හදිසි විදුලි බිඳවැටීමකදී අක්‍රීය වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ස්‌වකීය ආරක්‍ෂක පද්ධතිය යළි පණ ගැන්වීම කෙටි කාලයක්‌ තුළ සිදුකළ හැකි තාක්‍ෂණික ක්‍රමවේද තිබියදී එය මෙතෙක්‌ ක්‍රියාත්මක කර නොමැති බවද ඉදිරියේදී එම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද බියගම ලැබුම් පොළේ ට්‍රාන්ස්ෆෝමරය අලුත්වැඩියා කිරීම පැහැර හැරිය විදුලි ඉංජිනේරුවරයාට එරෙහිව පරීක්‍ෂණ පවත්වන බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී ඇතැයි වාර්තා වේ.

Related posts

පූජිත අනිවාර්ය නිවාඩු යවයි… වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න පත් කරයි

colombotoday

“පටු අරමුණු වෙනුවෙන් හමුදාව අවමානයට ලක් කරනු එපා” – යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

නිවසේ විදුලි සෝපාන කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

Admin

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

colombotoday

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

colombotoday