Colombo Today Local News

යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග

sudattha himi 2323

හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණේ යැයි චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර ඇපමත නිදහස් කළ සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගලකන්දේ සුදත්ත හිමියන්ට මාර්තු 18 දින කලුතර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ඒ කළුතර බෝධීන් වහන්සේ අභියසදී මාර්ගය අවහිර කර උද්ඝෝෂණයක යෙදුණා යැයි කළුතර පොලිස් කොට්ඨාසය විසින් මාර්තු 10වන දින කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මාගලකන්දේ සුදත්ත හිමියන් ඇතුළු භික්ෂූන්වහන්සේලා පිරිසක් රජය විසින් ගෙන ආ ථෙරවාද කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට එරෙහිව පසුගිය ජනවාරි 25වන දින කළුතර බෝධීන් වහන්සේ අභියස මාර්ගයේදී විරෝධතාවක නියැළී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාගලකන්දේ සුදත්ත හිමියන් පැවසූවේ පැරණි සිදුවීම්වලට අදාලව පැමිණිළි ගොණුකරමින් රජය භික්ෂූන් වහන්සේලාගෙන් පළිගැනීමට කටයුතු කරමින් සිටින බවයි. භික්ෂු පනත හරහා භික්ෂූන් වහන්සේ නිහඩ කිරීමට දැරූ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව භික්ෂු සාශනය වෙනුවෙන් විරෝධතා දැක්වූ තමන් වහන්සේලාට ක්‍රියාත්මක කරන නීතිය, කොළඹ මහාමාර්ග අවහිර කර ආණ්ඩුව හොදයි කියමින් උද්ඝෝෂණ කළ එජාපයේ හෙංචයියන්ට ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි උන්වහන්සේ ප්‍රශ්න කරයි.

Related posts

HIV ව්‍යප්තියේ වැඩිවීමක් මෙම වසරේ සිට වාර්තාවිය හැකි – නීතිවේදී කෞශාල් රණසිංහ

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

සීගිරිය සිංහපාදය අසළ ගුටි කෙලියක්.. ආරක්ෂක නිලධාරියෙක් රෝහලේ

colombotoday

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin