Colombo Today Local News

“ජන සටනේදී” මෛත්‍රීවත්, ශ්‍රීලනිපයවත් විවේචනය කළේ නෑ.. විනය ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – සන්ධාන මහලේකම්

mahinda amaraweera

පසුගියදා කොළඹ හයිඩ් පිටියේදී පැවති “ජන සටන” ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගී වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රීයාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

එම රැළියේදී ඔවුන් කිසිවෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය නොකළ බවයි ඔහු පවසන්නේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා මාධ්‍යට පවසා තිබුණේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීරණවලට අභියෝග කරමින්, පක්ෂයේ අවසරයකින් තොරව පැවති හයිඩ් පිටියේ රැළියට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහභාගීවීම නීති විරෝධි බවයි. එබැවින් අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසයි.

Related posts

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

මහින්ද සුළගේ පාවී පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 6 ක් අද ආණ්ඩුවට

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙනම දිනයක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday