ArticlesColombo Today Local NewsHot News

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

fonseka8955

ලංකාදීප ප්‍රශ්නය:
ඔබ කතා කරන හැටියට ඔබට හම්බ වෙච්ච සතුරා ප්‍රභාකරන්ටත් වඩා රාජපක්ෂලා වගේ?

සරත් ෆොන්සේකා මහතාගේ පිළිතුර:
“ප්‍රභාකරන් මගේ සතුරෙක් නෙවෙයි. ඒ සංවිධානයේ හිටපු කවුරුවත් අපේ පෞද්ගලික සතුරො නෙවෙයි. ඒ අය වෙනම මතයක ඉඳලා රට දෙකඩ කරන්න හදපු නිසා අපි අපේ රැකියාවේ වගකීම මත ඒ අයව විනාශ කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ ඊට වඩා පහත් මට්ටමේ පුද්ගලයෙක්. ඔහු ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා අපට පෞද්ගලිකව පහර දුන්නා. අපේ පවුලට පහර දුන්නා. මහින්ද ප්‍රභාකරන් එක්ක සංසන්දනය කරන එක ප්‍රභාකරන්ට කරන නිගරුවක්.”
-සරත් ෆොන්සේකා ලංකාදීප 2016-03-20

සරත් ෆොන්සේකා පවසන මේ අපබ්‍රංශය කුමක්ද?

අප ඇතුළු මෙරට බොහෝ දෙනෙකුට ප්‍රභාකරන් ද්‍රෝහියෙකු වන්නේ ඔහු පෞද්ගලිකව අපට සිදු කළ ද්‍රෝහීකමක් නිසාද? එසේ සිතුවහොත් මෙරට සිටින බොහෝ දෙනාට ඔහු ද්‍රෝහියෙකු නොවිය යුතුය. මක් නිසාද යත් පෞද්ගලිකව ප්‍රභාකරන් මේ බොහෝ දෙනාට ද්‍රෝහීකම් කර නොමැති බැවිනි. නමුත් එය කොතරම් ළාමක තර්කයක්ද. සරත් ෆොන්සේකා මහතාගේ වෛරයෙන් විකෘති වූ මනසේ ස්වභාවය නොවේද මේ හරහා අපට විද්‍යාමාන වන්නේ?

මෙරට උතුරේ ගම්මාන පිටින් ළමුන් , බඩදරු මවවරුන් ඇතුළු අහිංසකයන් දස දහස් ගණන් කීතු කීතු වෙන්නට කපා කොටා බෝම්බ ගසා ඝාතනය කලේ මේ ද්‍රෝහියා නොවේද?

රට වටේම ගම්මාන වල ගස් ගල් වන් තරුණ දූ පුතුන් දහස් ගණනින් මිණී පෙට්ටි වල ගම් වලට ආවේ මේ දෝහියා නිසා නොවේද?

ආර්ථික මර්මස්ථාන සුනු විසුනු කරමින් මාරගෙන මැරෙන කළු කොටි එවා නිරායුධ අහිංසකයන් දහස් ගණනින් මරා දැම්මේ මේ තිරිසනා නොවේද?

අරන්තලාව , කාත්තන්කුඩියේ ,කැබිතිගොල්ලෑවේ මහ පොළව නුහුළන තිරිසන් අපරාධ කළේ මේ පාපතරයා නොවේද?

දළදා මාළිගාව , ශ්‍රී මහා බෝධිය වැනි ජාතියේ මුදුන් මල්කඩවල් සුණු විසුණු කර දැමුවේ මේ කැලෑ සතා නොවේද?

මේ ලැයිස්තුව ෆොන්සේකා වැනි ප්‍රතිකාර ගත යුතු මානසික තත්වයක නැති ඕනෑම අයෙකුට මතක ඇති බැවින් නැවත නැවත සටහන් කළ යුතු නැත.

මහින්ද ප්‍රභාකරන්ටත් වඩා ද්‍රෝහියෙක් බව කොටින්ගේ දේශපාලන පෙරමුණ වූ දෙමළ ජාතික සංධානයවත් නොකියන තාලේ විකෘති කතාවකි. මේ කතාව මීට පෙර කියා ඇත්තේ එලොවටත් මෙලොවටත් නැති වික්‍රමභාහු කරුණාරත්න නැමති ඊළාම්වාදී නිකමාය.

ප‍්‍රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික‍්‍රමබාහු

අපට ෆොන්සේකා මහතා සමග බේරගන්නට ගනුදෙනුවක් නැත. ඒ අප ඔහු ගැන දැනගත්තේ මීට බොහෝ කළකට පෙර බැවිනි. මහාචාර්‍ය නලින්ද සිල්වා මහතා මීට වසර ගණනකට පෙර ඔහු ගැන පළකළ මේ අදහස කියවා බලන්න.

“ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශද්‍රෝහී නඩයකට එකතු වූ සරත් ය.”
-මහාචාර්ය නලින් ද සිල්වා
2009-12-16

මේ සරත් හා ඒ සරත්

සිරිසේන මහතාම වරක් හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට ‍යැයි පැවසුවේ මේවා දැනගෙනදැයි දැන් මේ නරි නාටක දකින විට නම් සැකයක් ඇතිවේ. එදා ජනවාරි 8 චම්පිකලා ෆොන්සේකලා නිසාම යහපාලන පාපයට කර ගැසූ අප මිත්‍රයන්ගෙන් අසන්නට ඇත්තේ වෙනස සැපද?ඔබට දැන් සතුටුද? කියා පමණි.

වික්‍රමසිංහලා තොප්පිගල කැලෑවක් කියද්දීත් කරුණානයකලා අලිමංකඩ පාමංකඩ ගැන කියද්දීත් කිරිඇල්ලලා ගොං කතා කියද්දීත් එදා අවංකවම ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳ හදවතින් සතුටු වූ එක්සත් ජාතික පාක්ෂිකයාගෙන්ද අසන්නට පැනයක් තිබේ. අද ෆොන්සේකලා නියෝජනය කරන්නේ ඔබද?

අප මීට පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ජනවාරි 8 ‘යහපාලන’ ආණ්ඩුවේ ජාතියේ ආරක්ෂකයන් ලෙස අපට හඳුන්වා දුන්නේ රතන උන්නාන්සේ -චම්පික-ෆොන්සේකා යන මේ තුං කට්ටුවයි. අපට අද රතන හිමියන්ගෙන් අසන්නට සිදු වන්නේ උන්වහන්සේ උම්බල කඩ නොකෑවද කර ගසා ඇත්තේ අහස පොළව නුහුළන අපරාධයකට නොවේද? දේශයේ මුර බල්ලන් ලෙස ජනතාවට හඳුන්වා දී ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ දඩ බල්ලන් නොවේද?

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය

 

Related posts

අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂයි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. සුදත්ත හිමි තම ප්‍රකාශය වෙනස් කරයි

colombotoday

ජනපතිගේ චෝදනාව ගැන ඇලිට් සමාගමෙන් නිවේදනයක් !

colombotoday

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

සජිත්ට අලියා දෙන්න රනිල් බෑ කියයි… එජාපය සජිත්ගේ සන්ධානය වර්ජනය කරයි !

colombotoday

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday

මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිබ්බේ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. – හිරුණිකා පාර්ලිමේන්තුවේදී කියයි..

colombotoday