Colombo Today Local News

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

mithrepala

යුධ අපරාධ චෝදනා සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ යම් අධිකරණ තීන්දුවක් ගැනීමට සිදු වුවහොත් ඒ සඳහා විදේශ විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරුන් කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසය තබා ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (18) වාද්දුවේ පැවති ජාතික නීති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි..

යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස විදෙස් විනිසුරන් හෝ අධිකරණ ක්‍රියාවලියක හෝ මැදිහත් වීමක් හෝ, විශේෂඥයන් ‘ආනයනය’ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මීට ඉහතදී බීබීසී සිංහල සේවය හා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ඉහත කී ප්‍රකාශය විදේශ රටවල විවේචනයට පවා ලක් වී තිබිණ.

රජය අධිකරණයේ ස්වාධීනත්වය සහ නිදහස තහවුරු කරමින් කටයුතු කරන අවස්ථාවක අධිකරණය අභ්‍යන්තරයේ ද එකී ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

අධිකරණයට දේශපාලන බලපෑම් සිදු කිරීම නුසුදුසු බවත් අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කරමින් අධිකරණය ශක්තිමත් කිරීමට රජය සෑම විටම කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

විනිසුරුවරුන් දැඩි විවේචනයට ලක් කරමින් ඔවුන්ගේ නිවෙස්වලට ගල් ගැසූ මෙන්ම හිටපු අගවිනිසුරුවරියක පැය 48 ක පරීක්ෂණයකින් පසු ධුරයෙන් පහ කළ අතීතයක් රටේ පැවති බව ජනපතිවරයා සිහිපත් කළේය.

එසේ නමුත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට ජනතාවට දුන් පොරොන්දු අනුව රටේ අධිකරණ සහ නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ නිදහස සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

එවැනි යහපත් ප්‍රවණතාවක් තුළ කටයුතු කරන විට යම් කිසි පිරිසක් විසින් පසුගිය දිනවල විනිසුරුවරුන්ගේ නිවාස ඉදිරිපිට පෝස්ටර් ගසා තිබූ බවත් ඒ පිළිබඳ වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමා පොලිසිය ඇතුළු බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක වීමට ඇති ප්‍රමාදය පිළිබඳ වත්මන් සමාජය තුළ නොයෙකුත් සංවාද ඇති වී තිබෙන බවත් ප්‍රමාදයකින් තොරව නීතිය කි‍්‍රයාත්මක කොට එහි පිහිට පතන ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අගවිනිසුරු ඇතුළු පිරිසක් සමාරම්භක උළෙල සඳහා සහභාගී වී සිටියහ.

(බිබිසි සංදේශය)

Related posts

මහබැංකු වංචාවෙන් අර්ජුන ගොඩ දාන්න එජාපය ටීඑන්ඒ සහය ඉල්ලයි

colombotoday

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

colombotoday

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday

‘ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි’ සුළු දේශපාලන පක්ෂයකගේ පුර්ණ අනුග‍්‍රහය

colombotoday

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

colombotoday