Colombo Today Local News

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැඳුම්කරයක් මත මුදාහරී

අද (14)දින පස්වරුවේ අත්අඩංගුවට ගත් “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැරී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කපිතාන්වරයා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 2ක පුද්ගලික බැදුම්කරයක් මත නිදහස් කිරීමට නියෝග කෙරුණි.

ඔහුට විදේශගතවීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ද තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණය තීන්දු කළේය.

කොළඹ වරාය ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලැබයි.

Related posts

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday

පුරවැසි බලය ලොක්කෝ රතුඑළි දල්වයි… ජනපති නිවස ඉදිරිපිට මිය යනතුරු උපවාසයකට සැරසෙයි

colombotoday

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

colombotoday

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday