Colombo Today Local News

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

poshana malla

බිණි මව්වරුන්ට මාසිකව ලබාදෙන පෝෂණ මල්ල වෙනුවට වවුචර්පතක් ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන්කළේ ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලය හමුවට යොමු කරන බවය.

මාසිකව ලැබෙන පෝෂණ මල්ල ලබාගැනීමේදී තමන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවට ගැබිණි මවුවරුන්ගෙන් විවිධ පැමිණිලි ඉදිරිපත් වී තිබීමත් ඇතැම් මවුවරුන් පෝෂණ මල්ල ලබාගැනීම සඳහා අති විශාල දුර ප‍්‍රමාණයක් පැමිණිය යුතු වීමත් නිසා මෙම නව ක‍්‍රමවේදය ඇති කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නව සංශෝධනය ක්‍රියාත්මකවූ පසු ගැබිණි මව්වරුන්ට තෝරාගත් වෙළඳසැල්වලින් අදාළ වවුචර් පත ඉදිරිපත් කර භාණ්ඩ ලබාගත හැකි අතර එම වෙළඳසැල් තෝරා ගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් හරහා සිදු කෙරෙන බව වාර්තා වේ.

Related posts

කෑගල්ලේ කොරෝනා හෙළ ඔසුව පාර්ලිමේන්තුවට..

colombotoday

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය ගැන ඇමති ප්‍රසන්න වාර්තාවක් කැඳවයි

colombotoday

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

colombotoday

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

colombotoday

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday