Colombo Today Local News

එජනිස සමඟ හවුලකට පක්ෂ 12ක් සූදානම් – පක්ෂ නායකයින් හමුවීම ලඟදීම

uplfඉදිරි කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වී දේශපාලන කටයුතුවල නිරත වීමට පක්ෂ ‍12ක නායකයන් මේ වනවිට පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කර ඇතැයි එජනිස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අතරින් පක්ෂ කීපයක නායකයන් නිල සාකච්ඡා සඳහා දින යොදාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ය. එහිදී ඔහු මෙසේද පැවසී ය.

“දැන් අපිට විශාල වගකීමක් තියෙනවා බලවේග රැසක් ශ්‍රී ලනිපය සහ සන්ධානය වටා ඒකරාශී කර ගැනීමට. මේ වනවිට පක්ෂ 12ක් මාත් එක්ක පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කරලා තියෙනවා. හමුවෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම දෙමළ සහ මුස්ලිම් පක්ෂ කීපයකුත් අපි එක්ක කතා කරලා තියෙනවා. ඒ පක්ෂවල කැබිනට් මණ්ඩලයේ සිටින සාමාජිකයොත් ඒ සාකච්ඡා සඳහා එකතු වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.“

Related posts

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

බෝට්ටුවක තිබී කැවුමාගේ හෙරොයින් කිලෝ 300 ක් අත්අඩංගුවට

colombotoday

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

colombotoday

තහනම් ග්ලයිෆොසෙට් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

colombotoday