Colombo Today Local NewsHot News

මහ ඇමතිට, රටේ හිටපු නායිකාවකට සහ ඇමතිවරයකුට ඊළාම්වාදී ඩයස්පොරවෙන් මිලියන ගණනින් මුදල්

Ltte Diaspora

රටේ පැවති පාලනය වෙනස් කිරීම සදහා LTTE ඩයස්පොරාව මැදිහත් වූ අයුරු සහ බිලියන ගණනින් මුදල් වියදම් කළ අයුරු පිළිබදව මේ වන විට තොරුතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.

ColomboToday.com ලන්ඩන් නුවර නියෝජිතයෙකු සමග අදහස් දක්වමින් එරටට සංක්‍රමණය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සදහන් කළේ ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ඩයස්පොරාව කිසිදු සංවර්ධන හා සුබසාධන ක්‍රියාවක නිරත නොවන අතරම යළිත් එම ජනතාව යුද්ධයකට ඇද දැමීමට විදේශ රටවල ජීවත්වන ද්‍රවිඩයන්ගෙන් එකතු කරගන්නා මුදල් යොදවන බවයි.

ඊළාම් ඩයස්පොරා ප්‍රධානීන් කිසි ලෙසකින්වත් ඊළම පිළිබදව අදහස අතහැර නොමැති බවත් මේ මොහොතේ දේශපාලන ක්‍රියාමාර්ගයක් පිළිබදව වැඩි විශ්වාසය තබා ඇති ඔවුන් ඩොලර් මිලියන ගණන් මුදල් යොදවමින් රාජ්‍ය නොවන සංවිධාන හරහා රහසිගතව උතුරේ ද්‍රවිඩ තරුණයන් අතර ඊළාම් මතවාදය ප්‍රවර්ධනය කරමින් සිටින බවද ඔහු අනාවරණය කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදී ඊළාම් ඩයස්පොරා ප්‍රධානී, ගෝලීය ද්‍රවිඩ සංසදයේ එස් ජේ එම්මානුවෙල් පූජකවරයා විසින් ද්‍රවිඩ සන්ධානයේ බලය ඇති පළාත් සභාවක ප්‍රධාන ඇමතිගේ පෞද්ගලික ගිණුම ඩොලර් බිලියන ගණනින් පුරවා ඇති අතර ඩයස්පොරා පැවරෑ කාර්යය ඔහු මේවන විටිත් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටී. ඔහු ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ද නැවත වරක් ප්‍රසිද්ධියේ ඊළම පිළිබදව ප්‍රකාශ නිකුක් කරීමට කටයුතු කරමින් සිටින්නේ ඩයස්පොරාව හරහා උතුරේ ප්‍රචලිත කරමින් සිටින බෙදුම්වාදී මතවාදවලට උත්තේජනයක් සැපයීම සදහා වන බවද ඩයස්පොරා ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

හිටපු නායිකාවකට සහ ඇමතිවරයෙකුට ඩයස්පොරාවෙන් මුදල්:

මීට අමතරව රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළීම සදහා ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මෙහෙයුමේ ප්‍රධාන චරිතය රගපෑ රටේ හිටපු නායිකාවකට සහ කලක් ඇගේ සමීප සගයෙකුව සිටි දකුණු පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ (සමලිංගිකයෙන් යැයි කුප්‍රසිද්ධ) ඇමතිවරයකුටද ඊළාම් ඩයස්පොරාවෙන් මිලියන ගණනක් මුදල් ලබා දී ඇති බව රාජ්‍ය බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ රනිල් පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය අතරද මේ වනවිට දැඩිලෙස කතා බහට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඇමතිවරයා ‍සහ හිටපු නායිකාව ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තීරණද ඉක්මවා යමින් දෙමළ ඩයස්පොරා ප්‍රධානීන් සමග පෞද්ගලික මට්ටමෙන් අතිශය සමීප සබදතාවයක් පවත්වන අතර ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ ලන්ඩන් නුවර සංචාරයක කළ අවස්ථාවලදී ඩයස්පොරා ප්‍රධානීන් ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවද ලන්ඩන්හී අප නියොජිතයන්ගෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

Related posts

ආසියානු දැල් පන්දු කිරුළ ශ්‍රී ලංකාවට….

colombotoday

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

colombotoday

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

Admin

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවෙන් ඉල්ලා අස්වේ.

colombotoday