Colombo Today Local News

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ආලේපන තොගයක් පාරිභෝගික සේවා අධිකාරිය සිය භාරයට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් හා එක්ව සිදුකළ වැටලීමකදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක තිබී මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත.

විදේශයක සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කරන ලද චොකලට් සහ ආලේපන තොගයක් පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක මෙම භාණ්ඩ සඟවා ඇත.

මෙහිදී ආනයනය කරන ලද මෙරට තුළ අලෙවි කිරීමට අවසර නොමැති චොකලට් හා ආලේපන තොගයක් නිලධාරීන් භාරයට ගැනුණි.

ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 40කට අධිකය.

ඒ සම්බන්ධයෙන් අදාළ ගබඩාවේ හිමිකරු ඇතුළු දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලින් අනතුරු ඔවුන් මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

බිරිඳ මරා ස්වාමි පුරුෂයාත් සිය දිවි හානි කර ගනී

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශය

colombotoday