World

පකිස්තාන් දේශසීමාවේ තලේබාන් ධජ ඔසවයි

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පවතින උපායමාර්ගික වශයෙන් වැදගත් දේශ සීමාවක බලය තමන් විසින් අත්පත් කරගත් බව තලෙයිබාන් සංවිධානය පවසයි.

ඒ අනුව තලෙයිබාන් සංවිධානය විසින් එම දේශසීමාව අසල සිය ධජය ඔසවා තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ දේශසීමාව යැයි පැවසෙන ස්ථානයක තලෙයිබාන් සංවිධානයේ ධජය ළෙලදෙන අයුරු දැක්වෙන විඩියෝ පට පවා ඇතැම් විදෙස් මාධ්‍ය මේවනවිට පළ කර තිබේ. අදාළ ස්ථානයේ ඇෆ්ගනිස්තානයට අයත් කොටසේ ගිනි අවි රැගත් තලෙයිබාන් සාමාජිකයින් සිටින අයුරු හා ඔවුන් පකිස්තානයේ දේශ සීමා ආරක්ෂක භට පිරිස් සමග සාකච්ඡා කරමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටද විදෙස් මාධ්‍ය මගින් පළ කර ඇත.

කෙසේවෙතත් අදාළ දේශසීමාවේ බලය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගෙන ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඇෆ්ගන් රජය පවසයි. ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්තවලින් තුනෙන් එකක කොටසක් මේවනවිටත් පවතින්නේ තලෙයිබාන් සංවිධානයේ පාලනය යටතේයි. තවත් ප්‍රදේශ කිහිපයක රජයේ හමුදාව හා තලෙයිබාන් සංවිධානය අතර ගැටුම් පවතින බව ද පැවසෙයි.

දශක 02 ක පමණ කාලයක් පුරා අමෙරිකානු හමුදාව විසින් තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයෙන් පළවා හැරීමට ප්‍රබල මෙහෙයුමක් දියත් කළේය. කෙසේවෙතත් අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට තීරණය කිරීමත් සමඟ තලෙයිබාන් සංවිධානය යළිත් ශක්තිමත් වෙමින් එරට බලය අල්ලා ගැනීමේ උපක්‍රමයක නිරත වී සිටි.

Related posts

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවලට රුසියානු ගුවන් සීමාව තහනම් කරමින් රුසියාවෙන් නියෝගයක්.

colombotoday

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට

colombotoday

මාලදිවයිනේ හිටපු ජනාධිපති ඝාතනයට තැත් කළ ඉස්ලාම් අන්තවාදියා අල්ලයි

colombotoday