Colombo Today Local News

දුක කියන්න ආ වව්නියාව සිංහල වැසියෝ පැය 3ක් අව්වේ කරවෙයි.. රජයේ බලධාරියෙක් අහලක ඇවිත් නෑ

වව්නියාව බෝගස්වැව සිංහල ගම්මාන 14ක වැසියන් අද (25) වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර මේ වන තෙක් රජයේ කිසිදු දේශපාලකයෙකු හෝ රජයේ නිලධාරියෙකු ඒ පිළිබදව අවධානය යොමු කර නොමැති බව වාර්තා වනවා.

උතුරේ ද්‍රවිඩ දේශපාලකයන්ගේ නිරන්තරයෙන් එල්ල වන තර්ජණ සහ අවම යටිතල පහසුකම්වත් නොමැති වීම නිසා දැඩි ලෙස අසරණව සිටින බෝගස්වැව ගම්මාන 14ක සිංහල වැසියන් අද පෙරවරු 9ට පමණ උද්ඝෝෂණය ආරම්භ කළේ තමන් මුහුණ පා සිටින දුක් පීඩා පිළිබදව ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින්.

අදාළ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබදව ප්‍රාදේශීය බලධාරීන් දැනුවත් කර තිබුණත් උද්ඝෝෂණය ආරම්භ වී පැය තුනක් ඉක්ම ගියද අඩු තරමින් අදාල ගැටළු පිළිබදව විමසීම සදහා හෝ කිසිදු වගකිව යුතු බලධාරියෙක් එම ස්ථානයට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙනත් ගමනක් යමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර මෙම ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් දෙසැම්බර් මසදී තමන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ බවත් ඒ සම්බන්ධයෙන් රජයේ කිසිවෙකුගේ අවධානය යොමු වූයේ නැති බවද සදහන් කර තිබෙනවා. මෙම ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබදව වව්නියාව ප්‍රදේශය නියෝජනය කරන රජයේ දේශපාලකයන් ලැජ්ජා විය යුතුබවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

උතුරේ  දමිළ ජනතාවගේ දුක පමණක් දකින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය උතුරේ අන්ත අසරණවූ සිංහල ජනතාවට පිටුපාමින් තමන් මෙම රටේ පුරවැසියන් පිරිසක් ලෙස සලකමින් ක්‍රියාකරන්නේ ඇයිදැයි වව්නියාවේ සිංහල ජනතාව විමසනවා.

bogaswewa 336

Related posts

මන්ත්‍රී ආරක්ෂක සැරයන්ගේ පිස්තෝලය සොරා ගත් පුද්ගලයා අත්අඩංගුවට

Admin

උතුරෙන් බුද්ධාගම අහෝසි වෙලා – විග්නේෂ්වරන් කියයි

colombotoday

වැටලීමකදී අතුරුදන්වූ කොස්තාපල්වරයාගෙ සිරුර හමුවෙයි

Admin

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

colombotoday

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday