Colombo Today Local News

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

Karunasena-Hettiarachchi

ශ්‍රී ලංකාවට පැමිණෙන් සෑම පුද්ගලයෙකු පිළිබදවම දැඩි විමසිල්ලෙන් පසුවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. ජාත්‍යන්තරයේ කි‍්‍රයාත්මක ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම මෙහි අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඇතැම් පුද්ගලයින් දේශපාලන රැකවරණ පතා සරණාගතයින් ලෙස ද ශ‍්‍රී ලංකාවට පැමිණෙන නමුත් ජාත්‍යන්තර නීතිය යටතේ එවැන්නන් හරවා යැවීමට ශ‍්‍රී ලංකාවට නොහැකි බව ආණ්ඩුව පවසයි. එවැනි පුද්ගලයින්ගෙන් ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවීමට විමසිල්ලෙන් කි‍්‍රයාකරන බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

ශ‍්‍රී ලංකාවේ ආගමන විගමන නීති ලිහිල් කර ඇතැයි ද ඒ නිසා ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි බවට ද ඇතැම් පාර්ශ්ව නගන චෝදනාවලට ප‍්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙම කරුණු දැක්වීය.

මේ වන විට ජාත්‍යන්තරයේ ඉතා ප‍්‍රබල ලෙස කි‍්‍රයාත්මක වන අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉකුත්දා කියා සිටියේ තමන්ට එරෙහි වන ඕනෑම රටකට ප‍්‍රහාර එල්ල කිරීමට තමන් මැලි නොවන බවයි.

එසේ තිබියදී ශ‍්‍රී ලංකාව ආගමන විගමන නීති තවදුරටත් ලිහිල්ව පවත්වා ගැනීම ගැටලූ සහගත බව හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දී ඇත.

Related posts

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

colombotoday

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි අද සිට

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල- කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 04කට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday