Colombo Today Local News

“ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට.. තව දීමනා ඕන” ඇමති ලක්ෂ්මන්

laxman kiriella

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වන විට ලබා දෙන දීමනා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ (26) පවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා “මන්ත්‍රීවරයෙකුගෙ පඩිය කීයද..? පඩිය රුපියල් පනස්දාහයි. මගේ අමාත්‍යාංශයේ හයිවේ එකේ සල්ලි ගන්න සේවකයන්ට හම්බවෙනවා හැටනමදාහක් විතර. මන්ත්‍රීවරයෙකුගේ මුළු පඩියම එතකු කළත් රුපියල් ලක්ෂයකට අඩුයි. ඉතින් ලක්ෂයකින් ජීවත්වෙන්න පුළුවන්ද මන්ත්‍රීවරයෙකුට.” යනුවෙන් කරුණු දක්වා සිටියහ.

මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ නායකයන්ගේ කැමැත්ත ලැබුණු බවද ඇමතිවරයා එහිදී සදහන් කළේය.

කෙසේ වෙතත් ඒ පිළිබදව විවිධ පාර්ශව වලින් එල්ලවූ චෝදනා සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකිරීම පිළිබද යෝජනාව ඉවත් කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගිය දා තීරණය කළේය.
දැනට ලැබෙන මන්ත්‍රී වරප්‍රසාද හා දීමනා

මාසික වැටුප රුපියල් 54285 කි.
පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500කි.
කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව. අඩි 900 ක දෙමහල් නිවසක්)
රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම
තීරු බදු රහිත වාහනයක් වසර 5 කට වරක් ගත හැකිය. ඩොලර් 50,000 ක් වටිනා වාහනයක් තීරුබදු රහිතව ලබා ගත හැකිය. මෙම වාහන බලපත්‍රය වසර 5ක් යනතුරු විකිණීමට නොහැකිව තිබූ අවස්ථාව තුරන් කර එම වාහනය විකිණීමට අවස්ථාව ලබාදී ඇත. බොහෝ විට තීරුබදු රහිත වාහනයක් කෝටි 2 1/2ක පමණ මුදලකට අලෙවි කෙරේ.
දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ.
සම්බාහන පහසුකම් නොමිලයේ සැපයේ.
විශේෂඥ වෛද්‍යවරයකු නියම කරන ඖෂධ නොමිලයේ ලබාගත හැකිවීම
වසර 5ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම
ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ
ලැප්ටොප් පරිගණකයක්
ෆැක්ස් යන්ත්‍රයක් හිමිවේ
විදේශ සංචාර
පාර්ලිමේන්තු රැස්වීම් වාරවලදී අවශ්‍ය නම් බේකන්, පැණි, කෝන්ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ඇතුළු ආහාර
මන්ත්‍රි වෛද්‍ය රක්ෂණ ගාස්තුව ලක්ෂ 3.5කි
දරුවන් ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව.

Related posts

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාද? නැද්ද? | වරාය පොදු සේවක සංගමය පැහැදිලි කිරීමක් ඉල්ලයි

colombotoday

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්නේ පාදඩ NGO නඩයක්.. දුටු තැන පන්නා දැමිය යුතුයි – ඥාණසාර හිමි (Video)

colombotoday

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

වයඹ සභාපති “කාලකණ්ණි මාධ්‍යවේදීන්“ කියා මාධ්‍යවේදීන් සභාවෙන් එලවා දමයි!

colombotoday