Colombo Today Local News

“එජාපය හා එක්වී ශ්‍රීලනිප නිර්මල ප්‍රතිපත්ති රකිනවා.. අවුරුදු දෙකකින් රට හදා පෙන්වනවා” – චන්ද්‍රිකා

chandrika

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගාල්ල නෙළුවේ පැවති රැස්වීමක් අමතමින් පැවසුවාය.

පසුගිය වසර නවයක කාලය තුළ ශ්‍රී ලංකා නිදහයස් පක්ෂයට බලය හිමිවී නොතිබූ බවත්, පක්ෂයේ ප්‍රතිපත්ති ඒ යුගයේ ක්‍රියාත්මක නොවු බවත් පැවසූ හිටපු ජනපතිනිය ඒ යුගයේ පක්ෂය ක්‍රියාත්මක වූයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අභිමතය මත පමණක් බවත් කීවාය.

පසුගිය පාලනය යටතේ අධ්‍යාපනය කපෝති වූ බවත්, සභ්‍යත්වය ඉවර වූ බවත් එම යුගයේ විනාශ වූ රට ගොඩ නැගීමට එක දවසින් කළ නොහැකි දෙයක් බවත්, ඒ සදහා අවුරුදු දෙකක් පමණ කල්ගත වන බවත් හිටපු ජනපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin

ගාල්ලේ ශ්‍රීලනිප 10න් 3ක් කිරුළපනට

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

colombotoday

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday