Colombo Today Local News

පාර්ලිමේන්තුව තුළදී මහා සංඝරත්නයට අපහාස කිරීම ලැජ්ජ නැති වැඩක්.. විජේදාසගෙන් ෆොන්සේකාට ආයෙත් කණේ පහරක්

fonseka - vijedasa

පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගෙන මහා සංඝරත්නයට අපහාස වන ආකාරය ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බවත්, පාර්ලිමේන්තුව තුළදී සංඝයා වහන්සේලාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකරණ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පුජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේට අපහාස වන ආකාරයට පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයක් සිදුවී තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවක් වශයෙන් එයට තමා සමාව ගන්නා බවත් විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේය.

පාර්ලිමේන්තුව තුළදී මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම තුච්ඡ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන්ට අපහාසයක් වී ඇති බව පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ප්‍රකාශ කර තිබිණි.

 

Related posts

ඉහළ යන අවන්හල් ආහාර

Admin

ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන්නේ මෙහෙමයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

Admin

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10ක් නාය යයි. අයෙක් අතුරුදන්…

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin