Colombo Today Local News

“ලංගමය දුවන්නේ පාඩුවටයි.. තව මාස 6කින් වහල දාන්න වෙයි” – ප්‍රවාහන ඇමති

nimal siripala

ලංකා ගමනා ගමන මණ්ඩලය දැන් දුවන්නේ පාඩු පිට බවත් තවත් මාස 06ක් වසා දැමීමට සිදුවනු ඇති බවත් සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (26දා) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

“බස් රථයකට සේවකයෝ 5 කට වැඩිය ඉන්නවා. බස්වල නඩත්තු කටයුතුවලට මුදල් දෙන්න වෙලා තියෙනවා. ලංගම සේවකයන්ට පඩි ගෙවන්නෙත් මහා භාණ්ඩාගාරයෙන්. භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන එක නවත්වපු ගමන් ලංගම ආදායම් හොයන්න වෙනවා. සේවකයො ප්‍රමාණය අඩුකරගන්න, ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න වෙනවා. ඒ වගේම ස්වේච්ඡා විශ්‍රාම සේවයක් ඇති කරන්න, ඩිපෝ සංඛ්‍යාව අඩු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

 

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

colombotoday

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

colombotoday

බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනයට තීරණයක්

colombotoday

පෞද්ගලික බස් හිමියන්ට ලැබෙන සහන වව්චර් පත

colombotoday