Colombo Today Local News

නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීම නතර කරන්නැයි යාපනය දිසාපතිගෙන් නියෝගයක්!

nagadeepaya 11

රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලිඛිතව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ ඊයේ (27 වැනිදා) පැවැසූහ.වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.

දිවයින

Related posts

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

නව නාවික හමුදාපති ලෙස නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කෙරේ

colombotoday

ගෙවුණු වසර තුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් ගත්තත් ප්‍රමාණවත් නෑ

colombotoday

රෝයල් පාක් ඝාතනයේ වරදකරු රටින් පිටව ගිහින් – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday