Colombo Today Local News

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මස 15 වනදා කරුණු දක්වන ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂුක්, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක ඇතුළු 12 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.

Related posts

ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දුව වැළැක්වීමට ජල මුද්‍රිත ආවරණයක්

Admin

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday