Covid 19

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

හොරණ, කර්මාන්තශාලාවක් තුල ඉන්දියන් ජාතිකයන් 37 දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළදි ඇති බවට තහවුරු වී ඇතැයි ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්. පි.එල් ප්‍රියන්ත මහතා පැවසීය.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් 6 දෙනෙකුගෙන් අහඹු ලෙස ලබාගත් පිසිආර් පරික්ෂණ හයකින් 5 දෙනකු පසුගිය 11 දා ලැබුනු ප්‍රතිඵල වලට අනුව වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ පසුගිය 12 වැනිදා එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සියළුම සේවකයින් පිසිආර් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවය කරන 47 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට ඊයේ (14)දින රාත්‍රී යේ ලැබුණු ප්‍රතිඵල වලින් තහවුරු වී ඇතැයි එම මහතා පැවසීය.

ඒ අනුව මෙ වන විට කර්මාන්තශාලාවේ පනස් දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති අතර ඒ අතර ඉන්දියන් ජාතිකයින් 37 දෙනකු සහ එම කර්මාන්තශාලාව පිහිටි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හා වෙනත් ප්‍රදේශවලින් සේවයට පැමිණි පුද්ගලයින් ඉතිරි පිරිස වේ.

මේ වන විට කර්මාන්ත ශාලාවේ සියලු රෝගීන් ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායන කටයුතුවලට යොමු කරමින් සිටින අතර කර්මාන්ත ශාලාවේ ඉතිරි සේවකයන් කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළම නිරෝධායන කටයුතුවලට යොමු කර ඇත.

කර්මාන්තශාලාවේ සේවකයින්ට මෙම රෝගය වැළඳුනු ආකාරය පිළිබඳ මේ වන වන විට පරික්ෂණ සිදු කෙරෙමින් පවතින අතර කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

කොරෝනා තවත් දරුණු වෙයි. | අද හඳුනාගත් ආසාදිතයින් ගණන 2,659ක් දක්වා ඉහලට

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 353ක්

colombotoday

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

colombotoday