Colombo Today Local News

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

ලංකාව පුරා රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක් බව පැවසෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ එය ක්‍රියාවට නංවන බවය.

කොවිඩ් රෝගීන් ඉහළයාම මත ඔක්සිජන් අවශ්‍යතා සහිත පුද්ගලයන්ට කඩිනමින් සැපයීම සඳහා ඔක්සිජන් සිලින්ඩර් ප්‍රවාහනය වෙනුවට දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල රෝහල් කේන්ද්‍ර කර ගනිමින් ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීම වඩාත් ඵලදායී බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මේ අනුව තෙල්දෙණිය, රිකිල්ලගස්කඩ, හම්බන්තොට, බදුල්ල, පුත්තලම , කුරුණෑගල ඇතුළු බස්නාහිර පළාතින් පිටත රෝහල්වල මෙම ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකරන බවත් මීට සමගාමිව එම රෝහල්වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර දීමේ ඒකක පුළුල් කෙරෙන බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday

ප්‍රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි.. විධායකය සහ ව්‍යවස්ථාධායක එක්ව රට ස්ථාවර කරන්න – වගකිවයුත්තන්ට ලිපියක්

colombotoday

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

එජාපයේ ප්‍රතිපත්ති නිසා අධ්‍යාපන ලේකම් ඇතුළු අටදෙනකුගේ රථගායට රු.කෝටි 7 1/2ක් වියදම් කරලා…

colombotoday

විදුලිය සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday