Colombo Today Local News

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

සිල්ලර වෙළදාමට නිකුත් නොකර පිටකොටුව තොග වෙළෙඳපොලේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය සිය බාරයට ගෙන තිබේ.

සීනි පාලන මිලට වඩා වැඩි මිලකට අළෙවි කරන බවට ලැබුණු පැමිණිවලට අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අද පිටකොටුව තොග වෙළෙඳපොලේ විමර්ශනයක් කළ අතර එහිදී පාලන මිලට වඩා වැඩි මිලට සීනි අළෙවි කළ වෙළෙදුන් 10 දෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ පියවර ගෙන ඇත.

පාලන මිලට වඩා වැඩි මිලට සීනි අළෙවි නොකරන ලෙස එහිදී පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ සෙසු තොග වෙළෙදුන්ට අවවාද කර තිබේ.

සීනි තොග පාලන මිලට වඩා වැඩිවීම හේතුවෙන් සිල්ලර වෙළෙදුන් සීනි අළෙවිය නතර කිරීම නිසා මේ වන විට සීනි හිඟයක් ද නිර්මාණය වී ඇත.

Related posts

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

සිරිකොත බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

“සිහිබුද්ධිය නෑ.. කොලේ ඉරාගෙන ඇගේ හලාගන්නවා” – ඇමති ජෝන්, සුජීවගේ රෙදි ගලවයි !

colombotoday

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday