Colombo Today Local NewsUncategorized

ටි.56 පතරොම් 401 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

මුලතිව්,පුදුමාතලන් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ටි.56 පතරොම් 401 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබූ ජීව පතරොම් හා කේරළ ගංජා ග්‍රෑම් තුනක්ද සොයාගත් බව පොලිසිය පවසයි.

සැකකරු දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු බවත් පොලිසිය සඳහන් කරයි.

සොයාගත් ජීව පතරොම් පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ පතරොම් බවට සැක කරන බවත් සැකකරු එම ජීව උණ්ඩ සඟවා සිටියේ කුමන අරමුණක් සඳහාද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි.

පොලිසිය සොයාගත් පතරොම්වලින් කොටසක් දිරාපත්ව තිබූ බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකරු මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු වේ.

Related posts

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin

ණයට ගන්න එපා. රජයේ විදයම් කපා හරින්න – ජනපතිගෙන් උපදෙස්

Admin

හිරගෙවල් දාහක දැම්මත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ

colombotoday

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday