Colombo Today Local NewsUncategorized

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

කොටි ඔත්තුකරු ප්‍රදීප් රංජිත් නොහොත් ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළේ යැයි චෝදනා එල්ලකොට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා යළිත් අප්‍රේල් 02 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ගිය නඩු වාරයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එක්නැලිගොඩ බිරිය සන්ධ්‍ය එක්නැලිගොඩ පවසා සිටියේ අදාළ බුද්ධි නිලධාරීන් නිදහස් කළහොත් තමන්ගේ ජීවිතයට තර්ජණයක් වන බැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ජීනීවා එක්සත් ජාතීන්ගෙ මානව ‍හිමිකම් කවුන්සිලයට පැමිණිළි කළ ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රියද ඉමහත් උද්යෝගයෙන් උසාවි භූමිය තුළ හැසිරෙන අන්දම දැකගත හැකි වූ අතර බුද්ධි නිලධාරීන්ට ඇප ලබා නොදීම තීරණය මහෙස්ත්‍රාත්වරයා දැනුම් දීමටත් පෙර උසාවි භූමිය තුළ සිටි මාධ්‍යවේදීන්ට ඇසෙන සේ උස් හඩින් ‘අදත් ඇප නෑ’ යනුවෙන් පවසන අයුරුද දැකගත හැකි විය.

මෙම බුද්ධි අංශ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වඩවනු පිණිස රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති බෙංගමුවේ නාලක හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් උසාවියට පැමිණ සිටියහ.

eknaligoda 11eknaligoda 366

Related posts

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයට එරෙහිව වව්නියාවේත් විරෝධතා !

colombotoday